Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ

Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Mage Wela (මගේ වෙලා)
Singing : Ayesh ft. Jizzy
Lyrics : Ayesh
Music : Ayesh
Additional Arrangements : Jizzy
Mixed & Mastered : Jizzy
Artwork & Lyrics Video : Malitha Viraj  @Andaberaya Advertising


මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනි වීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

දෙදෙනා ඇවිදන් ගිය පාරේ
අද නෑ වාගෙයි මෙ අවාරේ
මතකේ පාරයි සිත මාගේ
තනිවම ඔබ ළඟ නැහැ මාගේ
තුරුලේ ඉන්නට පෙර වාගේ
යළි නොම ඒදෝ ඒ කාලේ
සැමදා මං ආදරයෙන්
පැතුවේ ලැබෙන්න ඔබමයි
තරහා නෑ කවදාවත්
සතුටින් හිදින්න හැමදාමත්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනි වීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

මතකෙට එනවිට
හවසක තවමත් අප
කළ කී දේ
දැනුනා සුපුරුදු සුවඳම
විදි හැඟුමක උණුසුම ඒ
අවසර නැති සිහි නෙක
පාවෙන සිත සොයයි
අරුතක් මේ
නැවතුම නොදනිමි
එනමුදු මම තවමත් ගමනේ හේ
ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක්
අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක්
තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්‍රශ්නෙ තරමක්
අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනි වීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2022 Rating: 5

0 comments:

Post a Comment