Lassana Nam Na Penenne Song Lyrics - ලස්සණ නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ

Lassana Nam Na Penenne Song Lyrics - ලස්සණ නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Nam Na Penenne (ලස්සණ නම් නෑ පෙනෙන්නේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක
1978 දී තිරගතවූ "විස්මය" චිත්‍රපටියෙනි.


ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //

එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ

උකුල් තලා සළා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් බිඳීලා
පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //

එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Nam Na Penenne Song Lyrics - ලස්සණ නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ Lassana Nam Na Penenne Song Lyrics - ලස්සණ නම් නෑ පෙනෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment