Ganga Jale Kinnara Angana Song Lyrics - ගංගා ජලේ කින්නරා අංගනා ගීතයේ පද පෙළ

Ganga Jale Kinnara Angana Song Lyrics - ගංගා ජලේ කින්නරා අංගනා ගීතයේ පද පෙළ
Song Title : Ganga Jale Kinnara Angana (ගංගා ජලේ කින්නරා අංගනා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : නිමල් ජයකොඩි


ගංගා ජලේ කින්නරා අංගනා
නිල් ගං ජලේ හැංඟුනා
ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා
මා මන් බැඳී රංජනා
ඔබ ඉන්නවානේ පියුමක් රනින්
ගංගා ජලාසේ පිපුණා ලෙසින්

තෙත්වූ දුහුල් සළුවෙන් එතී
ඔය පංච පෙම් කල්‍යාණ රූ
මගෙ දෑස ආශාවෙන් බන්දා තියා
හිංසා කරන්නේ ඇයි රිදුවා හැඟුම්

ගංගා ජලේ කින්නරා අංගනා
නිල් ගං ජලේ හැංඟුනා

දිය බේරිලා සැලෙනා ඔබේ
වරලේ අහෝ දැවටෙන්න හෝ
මට වාසනා නැතිදෝ සඳ කින්නරී
දුල්වන් රුවින් පිරිපුන් මන්දෝදරී

ගංගා ජලේ කින්නරා අංගනා
නිල් ගං ජලේ හැංඟුනා
ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා
මා මන් බැඳී රංජනා
ඔබ ඉන්නවානේ පියුමක් රනින්
ගංගා ජලාසේ පිපුණා ලෙසින්
රූ ශ්‍රී ඔබේ මව මවා සිත් ලෙනේ
මා තවුතිසා රාජ්‍යයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganga Jale Kinnara Angana Song Lyrics - ගංගා ජලේ කින්නරා අංගනා ගීතයේ පද පෙළ Ganga Jale Kinnara Angana Song Lyrics - ගංගා ජලේ කින්නරා අංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment