Kawmada Pirimada Song Lyrics - කව්මද පිරිමැද ගීතයේ පද පෙළ

Kawmada Pirimada Song Lyrics - කව්මද පිරිමැද ගීතයේ පද පෙළ
Song Title : Kawmada Pirimada (කව්මද පිරිමැද)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ රොහාන් ජයවර්ධන
පද : ඩබ්. ඇල්වින්
තනුව : රොහාන් ජයවර්ධන


කව්මද පිරිමැද උමතු කරයි රන් සඳින් ගලන චංචල රේඛා
මා හද නළවයි ගලා ගලා ඔබෙ නෙතින් පිදෙන ආදර රේඛා

පිපී නැවුම් තරු
සිනහ කුසුම් බඳු
නෙතට හොරා කොහොමද ආවේ
සලිත කරන හද
ගලන රසික පද
අරුත කියයි මා ලද ජීවේ

සඳ දිනු පිරිමැද සෙවණැලි විහිදයි
නාඹර තුරුලිය නැළවීලා
හද වෙණ තත ගෙන සත්සර නංවන
ඔබ ළඟ ඇත මා සැනසීලා

මල් කෙමි සිප මඳ සුළඟ හමායේ
සිත ගත කිති දනවන සීතේ
උණුසුම ඔබ ගත
සිසිලස ඔබ සිත
එක්ව ගැයේ ආදර ගීතේ

කව්මද පිරිමැද උමතු කරයි රන් සඳින් ගලන චංචල රේඛා
මා හද නළවයි ගලා ගලා ඔබෙ නෙතින් පිදෙන ආදර රේඛා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawmada Pirimada Song Lyrics - කව්මද පිරිමැද ගීතයේ පද පෙළ Kawmada Pirimada Song Lyrics - කව්මද පිරිමැද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment