කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu)

කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) - Your Choice Way

දොදොල් කියද්දිම හිතුවා නේද හදන්න අමාරුයි ,කරදරයි කියලා . දර ලිපේ දුම් කාගෙන හදන්න අමාරුයි තමයි .ඔන්න එහෙම අයට පහසුවෙන් ගෑස් ලිපේම අවුරුද්දට  රසම රස දොදොල් කෑල්ලක් මේ විදියට හදලා රස බලන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි 300g ක්
  • මිටිකිරි ලීටර් 2 ක් (හොඳින් පැසුනු පොල් ගෙඩි  4 කින් පමණ  ගන්න.)
  • දුඹුරු සීනි 750g ක්
  • ලුනු ස්වල්පයක්
  • කුඩුකර ගත් කරඳමුංගු කුඩු ටිකක්
  • කජු කැබලි ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ තාච්චියක් ලිප තබා සීනි මේස හැඳි 4 ක් පමණ කැරමල් කර ගන්න.
  2. ♨️ එයට මිටි කිරි ටිකක් සහ ඉතිරි සීනි එකතු කරන්න.
  3. ♨️ හලාගත් පිටි වලට මිටිකිරි ටිකක් එකතු කර කැටි නැති වන තුරු දිය කර ගන්න.
  4. ♨️ දියකර ගත් පිටි සහ ලුනු ස්වල්පයක් ද තාච්චියට දමන්න.
  5. ♨️ දැන් ලිප තබා මද ගින්දරේ නොනවත්වා හැඳි ගාන්න.
  6. ♨️ විනාඩි 20 කින් පමණ යාන්තම් මිශ්‍රණය ඝන වෙන්න පටන් ගන්නවා, අඩිය අල්ලන්න නොදී දිගටම හැඳි ගාන්න.
  7. ♨️ මිශ්‍රණය එක ගුලියකට එනතුරු හැඳි ගාන්න, පැයක් පමණ ගත වෙනවා.
  8. ♨️ හැඳි ගාන අතර තුර දොදොලෙන් තෙල් එන්න පටන් ගන්නවා පරිස්සමට පොඩි හැන්දකින් තෙල් ටික භාජනයකට ඉවත් කර ගන්න.
  9. ♨️ මිශ්‍රණය ඝන වෙමින් පදමට එනවිට කරඳමුංගු කුඩු සහ කපාගත් කජු කැබලි එකතු කර හොඳින් හැඳි ගාන්න.
  10. ♨️ අවසානයේ දී තෙල් තවරාගත් තැටියක දමා  තුනීකර නිවුනු පසු කෑලි කපා ගන්න.

හෙළයේ රස මිහිර
කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment