Irabata Tharuwa Song Lyrics - ඉරබටු තරුව ගීතයේ පද පෙළ

Irabata Tharuwa Song Lyrics - ඉරබටු තරුව ගීතයේ පද පෙළ
Song Title : Irabata Tharuwa (ඉරබටු තරුව)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : එච්.එම්. ජයරත්න
පද රචනය : වසන්ත වීරකෝන්


ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස
මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ
වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ
රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන
මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ
අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය
පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irabata Tharuwa Song Lyrics - ඉරබටු තරුව ගීතයේ පද පෙළ Irabata Tharuwa Song Lyrics - ඉරබටු තරුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment