Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ

Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ
Song Title : Ira Paya (ඉර පායා)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : චන්ද්‍රරත්න මාපිටිගම
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
"ඉර පායා" ටෙලි නාට්‍ය යේ ගීයකි.


අළුත් දවසකට
නව මං පෙතකට
ඉර පායා
ඉර පායා

එදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුල නිති ඇන්දූ
අඳුරු තිමිර පට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් සාදයි මන බැන්දූ

ඉර පායා
ඉර පායා
කළුවර හදකට
අව පස සඳකට
ඉර පායා
ඉර පායා
අළුත් දවසකට
නව මං පෙතකට
ඉර පායා
ඉර පායා

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ Ira Paya Song Lyrics - ඉර පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2022 Rating: 5

0 comments:

Post a Comment