Hindi Wadan Song Lyrics - හින්දි වදන් ගීතයේ පද පෙළ

Hindi Wadan Song Lyrics - හින්දි වදන් ගීතයේ පද පෙළ
Song Title : Hindi Wadan (හින්දි වදන්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා //
බ්‍රින්දා උයන දිහා
චන්දන සිහිල රැඳේ
භාරත කුසුම මගේ
උන්නා සුවඳ දිදී
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා

වරළ පුරා මල් පැළඳි ලියේ
දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ
මතක සිතේ දැන් මතක තියේ
පූර්ණිමා හිනා වෙන්න ළඟින් ඉන්න

හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා

සකල කලා මල් පිපෙන රටේ
ලලිත කලා මල් පොකුර මගේ
නුඹට ළඳේ මං බැඳුණු හදේ
සුරංගනා සුරල් නාද ඇසෙයි තාම

හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
බ්‍රින්දා උයන දිහා
චන්දන සිහිල රැඳේ
භාරත කුසුම මගේ
උන්නා සුවඳ දිදී

හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hindi Wadan Song Lyrics - හින්දි වදන් ගීතයේ පද පෙළ Hindi Wadan Song Lyrics - හින්දි වදන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment