Gimhane Hada Niwuna Song Lyrics - ගිම්හානේ හද නිවුණා ගීතයේ පද පෙළ

Gimhane Hada Niwuna Song Lyrics - ගිම්හානේ හද නිවුණා ගීතයේ පද පෙළ
Song Title : Gimhane Hada Niwuna (ගිම්හානේ හද නිවුණා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : උපාලි ධනවලවිතාන
සංගීත අධ්‍යක්‍ෂණය : ටී. එෆ්. ලතීප්
1977 දී තිරගත වූ "සුදු පරෙවියෝ" චිත්‍රපටියේ ගීයකි.1973 දී තිරගත වූ "හනිමූන්" චිත්‍රපටියට කිෂෝර් කුමාර් සහ ආශා බෝස්ලේ ගැයූ "ජීවන් හෛ ඒක් සප්නා" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ටලල් ලලල් ලලල් ලලල් ලලල් //

ආ ආ ආ ආ අඅ ආ...

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා //
පාවෙන නිල් කඳුරැල්ලේ
මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුණා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

සුදු සඳ වියනේ
චන්දන අරණේ
තාරකා මල් තුරුලේ
ලා හිරු කිරණේ
දේදුනු සෙවණේ
සිත් යාවෙන මංගල්ලේ

ජීවන තොටුපල
සොයා ඇදෙන තුරු
ආදරයේ රන් නෞකා

ඈතට ඉගිලෙන
සුදු පරෙවියනේ
ආසිරි ගීතය ගයනා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

ඕ.. ඔඔ ඕ ඔඔ ඕ ..
ආ ආ.. ආ අ ආ..

පෙර අත්භවයක
බලාපොරොත්තුව
මේ භවයේ හමු වූවා
නෙතු සර අංජන
තොල්පෙති රංගන
හෙට දවසක් ගැන සිතුණා

පුබුදු හිනාවට
කැකුළු කතාවට
ආශාවේ මල පිපුණා

ගඟුලෙ දිය රැලි
පවනෙ සැණකෙළි
ආදරයට සුභ පැතුවා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා
පාවෙන නිල් කඳුරැල්ලේ
මීදුම් සළු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුණා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

ගිම්හානේ හද නිවුණා
මධුර වසන්තය මැවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gimhane Hada Niwuna Song Lyrics - ගිම්හානේ හද නිවුණා ගීතයේ පද පෙළ Gimhane Hada Niwuna Song Lyrics - ගිම්හානේ හද නිවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment