රුක්අත්තන ගසේ සිටි මුතුමැණිකාගේ අවතාරය (Muthumenika)

රුක්අත්තන ගසේ සිටි මුතුමැණිකාගේ අවතාරය (Muthumenika) - Your Choice Way

කාලය සෙමන් ඉගිල ගියා දවසක් සැදෑ යාමයේ මුතූ බුලත් කොරටුවට සාත්තු කරමින් සිටියාය. නිමේෂයකින් ඇසුනේ ගම්මානය පුරා පැතිරී ගිය විලාප හඩකි .. අම්මේ..ඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ . ඒ හඩ ඇසුනේ මුතූ ගේ නිවස දෙසින් ඒ මුතුමැණිකාගේ කටහඩ අනේ අම්මේ මට නාගයෙක් දෂ්ඨ කලා මුතූගේ මුවින් පිටවූයේ එවදන පමණකි

ගමපුරා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිර ගියා මුතුමැණිකා ට නයෙක් ගහලා පවු දෙයියනේ .. අහල ගම් හතේම ඉන්න දක්ෂ විස වෛද්‍යවරුන් මුතුගේ නිවසට කැදවාගෙන ආවා පොඩිරාලහාමි හා මුතු ගේ පියා හා අසල්වැසියන් සියල්ලෝම උත්සාහ කලේ මේ සුරූපී ලද මුතුමැණිකේ අකාලයේ මියයන්නට නොදී බේරාගන්නට යි හැමෝගෙම ඒ අපේක්ෂා සුනු විසුණු කරමින් මුතුමැණිකා ගමක් හඩවා දිවියෙන් සමුගත්තා ඇගේ වියෝව දරාගන්නට නොහැකි වූ අසරණ පොඩිරාලහාමි උන්මන්තකයෙකු බවට පත්වුණා . මගෙ මුතුමැණිකේ මම යනව මුතූ බලන්න තොල් මතුරමින් ඔහු ඉබාගාතේ ඇවිද ගියා . පොඩිරාලහාමි මියයන තුරුම මුතුමැණිකේ ගැන සිතමින් සිහින ලෝකයක ජීවත්වූ උන්මන්තකයෙකි කවුරුත් ඔහුට අනුකම්පා කලා පවු අසරණයා කියා.. කාලය සෙමෙන් සෙමෙන් පියබා ගියා මුතුමැණිකා ගැන මතකය ටිකෙන් ටික අෑත් වී ගියා උමතුවෙන් පසුවු පොඩිරාලහාමි හැරෙන්නට මුතුගේ අවුරුද්දේ දානයත් දෙමාපියන් හා නෑදෑයන් විසින් පංසලට පූජා කලා කිසිවෙකු මුතුගේ වියෝවෙන් පසු ගම හැරදා ගොස් සිටියා ඒ අන්කිසිවකුත් නොවේ මුතුමැණිකාට වින කල අර්නෝලිස් .

අසල ගමකින් බින්න විවාහයක් කරගත් අර්නෝලිස් ඒ ගමේ බිරිදගේ නිවසේ අඹුදරුවන් සමග කාලය ගතකලේ යටිසිතෙන් තමා මුතුමැණිකාට කල කොඩිවිණය ගැන පසුතැවෙමින් .. දැන් ඉතින් වෙච්ච දේ උනා ඒකි ගෙනා ආයුෂ ඉවරයි මම මක්කොරන්නද ඔහු හිත හදාගන්නට තම සිතිවිලි සමගම පොරබැදුවා . අදවත් ගිහින් අම්මයි අප්පොච්චී බලන්ට ඕනා අවුරුදු ගානකින් බැරි උනා නෙව උන්දැලා දැක බලාගන්ට අර්නෝලිස් සිය ගමට එන්නට පිටත් වූයේ ගොම්මන් යාමයේ හුදෙකලාවේ ගමට එන පාර වැටී තිබුනේ කනත්ත අසලින් යකෙකුටවත් බය නැති අර්නෝලිස් ගේ සිත මදක් සැලෙන්නට වූයේ කනත්ත අසලට පැමිණි විටය ඒ මුතුමැණිකා නසන්නට යකදුරෙකු සමග එක්වී සැකසූ නාගපිල්ලිය ගැන සිහිවීමෙන් අනතුරුවය.. දැන් රාත්‍රි දහයටත් ආසන්නය... හුලු අත්තත් වනමින් කනත්ත පසුකර අඩියට දෙකට අර්නෝලිස් යාමට සැරසුණු ඒ මොහොතේ ... අර්නෝලිස් අයියේ ඔයා මට ගොඩක් ආදරෙයි නේද... ඒ හඩ ඇසූ ඔහු බිරන්තට්ටු විය පසුපස හැරී බලන දුටු දෙයින් ඔහුට පියවි සිහිඑළවා ගත නොහැකි විය රුක්අත්තන ගහයට සුදු සාරියකින් සැරසී උන්නේ මුතුමැණිකාය

අර්නෝලිස් දුවන්නට උත්සාහ කලේය නමුත් නිශ්පල උත්සාහයකි ඔහු පය ලිස්සා ඇද වැටුනි . කෙමෙන් කෙමෙන් මුතුමැණිකේගේ අවතාරය අර්නෝලිස්ට සමීප වන්නට විය... කනත්තේ අසල උණ විකාරයෙන් දොඩවමින් සිටි අර්නෝලිස් ගම්මුන්ට මුන ගැසුනේ දෙගොඩ හරි ජාමයේය ඔහු දෙඩවූ වදන් වලින් මුතුමැණිකා ගේ අවතාරය ගම්මානයේ සැරිසරණ බවත් මේ තැනැත්තා ඒ අවතාරයට බියවි ඇති බවත් ලැව්ගින්නක් සේ ගම්මානය පුරා පැතිර ගියේය .දක්ෂ යකදුරන් කීප දෙනෙකු ගෙන්වා තොවිල් ඇපනුල් සාත්තු සිදුකලද අර්නෝලිස් ගේ දිවිය බේරාගන්නට කිසිවකුත් සමත් නොවීය දින හතක් ඉක්ම යන්නට මත්තෙන් ඔහු අවසන් ගමන් ගියේය .. මුතුමැණිකේගේ අවතාරය ගම්මානයෙන් අතුරුදහන් වූයේ සිය කුරුලු කූඩුව විනාශ කරන්නට අර්නෝලිස්ට උදව් උපකාර කල යකදුරු ගෙනුත් පලි ගැනීම හමාර වූ පසුවය...... නිමි.......!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුක්අත්තන ගසේ සිටි මුතුමැණිකාගේ අවතාරය (Muthumenika) රුක්අත්තන ගසේ සිටි මුතුමැණිකාගේ අවතාරය (Muthumenika) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment