Diya Podak Wemin Song Lyrics - දිය පොදක් වෙමින් ගීතයේ පද පෙළ

Diya Podak Wemin Song Lyrics - දිය පොදක් වෙමින් ගීතයේ පද පෙළ
Song Title : Diya Podak Wemin (දිය පොදක් වෙමින්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : සරත් දසනායක


දිය පොදක් වෙමින් තොල් වියළුණු පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණ තඨාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට //

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමළු
හෙටත් නඟපු දෙන් ඔය කිචි බිචි ය සුළු සුළු //
තිගැස්සී බියෙන් ඔබ විය යුතුද බිය ගුලු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණලු //

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණ තඨාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

ඔබේ ප්‍රිය වදන් පුද දෙන සහන සිතුවිලි
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිළි //
සුගන්ධය ලැගුම්ගෙන ඇත අවට වෙලි වෙලී
සඳෙන් රැස් හැළෙයි කුමට ද සහන තරු එළි //

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණ තඨාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diya Podak Wemin Song Lyrics - දිය පොදක් වෙමින් ගීතයේ පද පෙළ Diya Podak Wemin Song Lyrics - දිය පොදක් වෙමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment