Ayamma Kothana Giya Song Lyrics - ආයම්මා කොතැන ගියා ගීතයේ පද පෙළ

Ayamma Kothana Giya Song Lyrics - ආයම්මා කොතැන ගියා ගීතයේ පද පෙළ
Song Title : Ayamma Kothana Giya (ආයම්මා කොතැන ගියා)
ගායනය : ක්ලෝඩ් ද සොයිසා, ඇන්ජලින් ගුණතිලක සහ මැණික් චන්ද්‍රිකා
පද : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : සරත් දසනායක
1982 දී තිරගතවූ තණගිරවි චිත්‍රපටියේ ගීයකි.


ආයම්මා කොතැන ගියා
ආයම්මා කොතැන ගියා

බේබි අරන් ටවුන් ගියා
මා පස්සෙන් අප්පු ගියා

අප්පු එතැන මොකට ගියා
අප්පු එතැන මොකට ගියා

මා පස්සෙන් නිකං ගියා
මමත් හිනා වෙවී ගියා

ආයා උඹෙ කපටි කතා
ආයා උඹෙ කපටි කතා

නෑ නෝන ඇත්ත කතා
මගෙ නම් නෑ කපටි කතා

අප්පු එක්ක මොකද කතා
අප්පු එක්ක මොකද කතා

අප්පුගෙ නෑ නරක කතා
කීවෙ නිකං විහිළු කතා

ඒයි අප්පො මෙහාට වරෙන්
ඒයි අප්පො මෙහාට වරෙන්

එනව නෝන
බොහොම සැරෙන්
කතා කළේ ඇයි තරහින්

අප්පු මොකද බයෙන් බයෙන්
අප්පු මොකද බයෙන් බයෙන්

මෙයයි මමයි රවුම් ගිහිං
නරක කතා කවුද කියයි

වහපිය කට බොල කල්ලී
වහපිය කට බොල කල්ලී

ඕ.. වට්ස් ද මැට(ර්) මයි ඩාලිං
ආයට බැන්නේ ඩාලිං

දැන්ම දොරට බැහැ කල්ලී
දැන්ම දොරට බැහැ කල්ලී

එපා නෝන බොරු කෑලී
යන්න දෙන්න පඩි සල්ලී

ආයා පොඩ්ඩක් ඉවසාපන්
ආයා පොඩ්ඩක් ඉවසාපන්

මුන් දෙන්නා රවුම් ගිහිං
පාක් එකේ බොහොම නැටුම්

ආයා නෑ එහෙම නැටුම්
ආයා නෑ එහෙම නැටුම්

මා ගැන බොහො කලක පටන්
දන්නෙ මහත්තයයි හොඳින්

එපා ආය ගමට යන්න
එපා ආය ගමට යන්න

ආයා මෙතන ඉන්දගන්න
කරුණු මොකද මට කියන්න

අන්න ඒක හිතට ගන්න
අන්න ඒක හිතට ගන්න

ඔහොම තව සයිස් වෙන්න
මොකද කතා අප්පු උඹට

නෑ සර් මම කිව්වෙ නිකං
නෑ සර් මම කිව්වෙ නිකං

බේබි අරන් රවුම් ගිහිං
බේබි තියල ගහක් යටින්
මේකි කරල අඟර නැටුම්
මේකි කරල අඟර නැටුම්
ඇඟේ පහරලා කපුටන්
කැත කළා බේබිගේ ඇඳුම්

නෝන මට ගමට යන්න
නෝන මට ගමට යන්න

එපා අප්පු ගමට යන්න
බැහැ මේකිව ඉන්දගන්න

කවුද බේබි බලාගන්නෙ
කවුද බේබි බලාගන්නෙ

මට පුළුවන් බලාගන්න
ටෝයිස් මුකුත් ගෙනත් දෙන්න

එපා කෝප මයි ඩාලිං
එපා කෝප මයි ඩාලිං

මීට පස්සෙ ආය හොඳින්
ඉන්න බවට මම රෙකමන්ඩ්

මට හරි නෑ ඔය කෝලං
මට හරි නෑ ඔය කෝලං

ආයා උඹ මගෙ ඔවදන්
අහල ඉඳින් හොඳින් ඉඳින්

ආයා උඹ හිතට ගනින්
ආයා උඹ හිතට ගනින්
මීට පස්සෙ ඔහොම රවුම්
අප්පු එක්ක එපා නැටුම්

ඔව් ආයා හොඳින් ඉඳින්
ඔව් ආයා හොඳින් ඉඳින්

මහත්මයා කියනවනම්
ගමට නොගොස් නවතින්නම්

ආයා උඹ ඉන්වනම්
ආයා උඹ ඉන්වනම්
අප්පු එක්ක තරහ වෙයන්
හිනා නොවී කට කොනකින්

නෝන හිනා යනව නිකං
නෝන හිනා යනව නිකං

අයියෝ ඕව මගෙ ඩාලිං
ඒකිගෙ ඔය බොරු විගඩම්

මේව දැකලා බෑ හිනාව
මේව දැකලා බෑ හිනාව

කෝලාහල බංගලාවෙ
නරක නිසයි එපා කිව්වෙ

අප්පුත් ඔහෙ උන්නාවේ
අප්පුත් ඔහෙ උන්නාවේ

ආයත් ඔහෙ උන්නාවේ
බැන්නේ අපි ඇන්නෑවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayamma Kothana Giya Song Lyrics - ආයම්මා කොතැන ගියා ගීතයේ පද පෙළ Ayamma Kothana Giya Song Lyrics - ආයම්මා කොතැන ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment