Tharuna Sithata Ridum Didi Song Lyrics - තරුණ සිතට රිදුම් දිදී ගීතයේ පද පෙළ

Tharuna Sithata Ridum Didi Song Lyrics - තරුණ සිතට රිදුම් දිදී ගීතයේ පද පෙළ
Song Title : Tharuna Sithata Ridum Didi (තරුණ සිතට රිදුම් දිදී)
ගායනය : ඉන්ද්‍රජිත් දොලමුල්ල
තනුව : ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද : දෙල්තොට චන්ද්‍රපාල


තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ //

දේදුන්නේ ලියූ පෙම් පත
සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර
සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ

ඇගේ ගෙලේ පළඳන්නට
ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත
සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ //

සිනා වෙයන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuna Sithata Ridum Didi Song Lyrics - තරුණ සිතට රිදුම් දිදී ගීතයේ පද පෙළ Tharuna Sithata Ridum Didi Song Lyrics - තරුණ සිතට රිදුම් දිදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment