Pem Kalpana Song Lyrics - පෙම් කල්පනා ගීතයේ පද පෙළ

Pem Kalpana Song Lyrics - පෙම් කල්පනා ගීතයේ පද පෙළ
Song Title : Pem Kalpana (පෙම් කල්පනා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ස්වතන්ත්‍ර තනුවක් ද අනුකාරක තනුවක්ද කීමට නොදනී
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි


පෙම් කල්පනා
පවන් රැල් ගෙනා
රෑ සිහින ආරාධනා //

රුවන් ජලාසේ
නෙළුම් විලාසේ
සිතුම් සිනාසේ

ළං වෙන්න මා දන්නවා
ඔබේ පෙම් සිනා
මට නේද ආරාධනා

දේදුන්න පායාලා මගෙ ලෝකයේ
තරු රෑන ඉඟි පා රඟයි මා ළයේ
සංසාර ගමනේදි ළංවී ප්‍රියේ
ඒ පුංචි පෙම් සුවඳ වෙන්වී නොයේ

ගු‍වන් තලාවේ
සඳක් විලාසේ

සඳක් විලාසේ
ගු‍වන් තලාවේ
ඔබත් සිනාවේ

සිනාසෙන්න
පෙම් කල්පනා
පවන් රැල් ගෙනා
රෑ සිහින ආරාධනා

හා.. මා දන්නවා
ඔබේ පෙම් සිනා
මට නේද ආරාධනා

දැල්වූ ඒ රන් පහන අපගේ අතින්
නොනිවී රැඳේවා සදාකල් සිතින්
කඳුළක් වුණා එන්න ඔබගේ නෙතින්
දවසක් උදාවෙන්නෙ නැතුවා ඉතින්

හිරුත් සිනාසේ
සඳුත් සිනාසේ

සඳුත් සිනාසේ
හිරුත් සිනාසේ
අපත් සිනාසේ

ළං වෙන්න මා දන්නවා
ඔබේ පෙම් සිනා
මට නේද ආරාධනා

හා.. මා දන්නවා
ඔබේ පෙම් සිනා
මට නේද ආරාධනා

රුවන් ජලාසේ
නෙළුම් විලාසේ
සිතුම් සිනාසේ

ළං වෙන්න මා දන්නවා
ඔබේ පෙම් සිනා
මට නේද ආරාධනා

ඔබගෙන් මට නේද ආරාධනා
ඔබගෙන් මට නේද ආරාධනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Kalpana Song Lyrics - පෙම් කල්පනා ගීතයේ පද පෙළ Pem Kalpana Song Lyrics - පෙම් කල්පනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment