Niwan Thalawata Yana Gamane Song Lyrics - නිවන් තලාවට යන ගමනේ ගීතයේ පද පෙළ

Niwan Thalawata Yana Gamane Song Lyrics - නිවන් තලාවට යන ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Niwan Thalawata Yana Gamane (නිවන් තලාවට යන ගමනේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කලාකීර්ති පණ්ඩිත් විමල් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
මෙම ගීයේ ස්ථායි කොටස වෙනකෙකු අතින් ලියවී ඇති බවත්, ඔහු කවරෙකුද යන්න අඥාත බවත් පණ්ඩිත් විමල් අභයසුන්දර විසින් පවසා ඇත.විමල් අභයසුන්දරයන් නම් ප්‍රකට කවියා 2008 ජූනි 12 වැනිදා මෙලොවින් සමුගත්තේය.


නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ //

ලෙයින් පිදූ බෝසත් ගුණ වරුණේ
පවන් රොදට මුසුවිය උඩු ගුවනේ //
අනාගතේ පස් මරුන් දිනන්නද
වජිරාසන මත බෝ සෙවණේ

නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ

පෙළින් පෙළට රතුපුල් පැහැ පෙඟුණේ
කසුන් කුසුම් පොකුරක සිරි මැකුණේ //
වඩා බවුන් මෙත් වැසි වස්සන්නද
නිසංසලේ නෙත් යුග වැසුණේ

නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niwan Thalawata Yana Gamane Song Lyrics - නිවන් තලාවට යන ගමනේ ගීතයේ පද පෙළ Niwan Thalawata Yana Gamane Song Lyrics - නිවන් තලාවට යන ගමනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment