ඉඟුරු දෝසි හදමු (Iguru Dosi)

ඉඟුරු දෝසි හදමු (Iguru Dosi) - Your Choice Way

රටේ පවතින වසංගත තත්වයත් එක්ක ඉඟුරු කියන්නේ දැන් නම් අපට දිව්‍ය ඖෂධයක් . කොහොමටත් ඉඟුරු වල ගුණ බොහෝමයක් තියෙනවා . ඉතිං මේ වෙලාවෙ ඉඟුරු දෝසි කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බොන්න තිබුනා නම් ඔයාලත් ගොඩාක් සතුටු වෙයි නේද 😍 එහෙනම් ඉතිං හදලා බලමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☕ අමු ඉඟුරු 60g ක්
  • ☕ සීනි 300g ක්
  • ☕ බටර් තේ හැඳි 2 ක් 
  • ☕ වතුර කෝප්ප 1/2 ක්
  • ☕ පාන්පිටි මේස හැඳි 1 ක් ( කැමති නම් පමණක් එකතු කරන්න . නැතුවත් හදන්න පුළුවන් )

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 මුලින්ම ඉඟුරු හොඳින් සුද්ද කර කුඩා කැබලි වලට කපා වතුර ස්වල්පයක් එක්කර අඹරා ගන්න .
  2. 🎈 දැන් භාජනයක් ගෙන අඹරා ගත් ඉඟුරු , සීනි සහ වතුර එකතු කර ලිප තබා මද ගින්නේ හැඳිගාන්න.
  3. 🎈 මිශ්‍රණය ටිකෙන් ටික ඝන වන විට බටර් සහ පාන්පිටි මේස හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අඩිය අල්ලන්න නොදී දිගටම හැඳි ගාන්න.
  4. 🎈 මිශ්‍රණය බුබුළු දමමින් ඝන වී එකට එකතු වූ විට ( භාජනය වටේ සීනි වියලෙන පදමේදී ) ලිපෙන් ඉවතට ගෙන බටර් තවරා ගත් තැටියක දමා කෑලි කපා ගන්න.
මේක ඉතාමත් පහසුවෙන් ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් .ඉතිං ඔයාලත් හදලා රස කියන්නකෝ 😍

හෙළයේ රස මිහිර
ඉඟුරු දෝසි හදමු (Iguru Dosi) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉඟුරු දෝසි හදමු (Iguru Dosi) ඉඟුරු දෝසි හදමු (Iguru Dosi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment