Dunnu The Ekata Song Lyrics - දුන්නු තේ එකට ගීතයේ පද පෙළ

Dunnu The Ekata Song Lyrics - දුන්නු තේ එකට ගීතයේ පද පෙළ
Song Title : Dunnu The Ekata (දුන්නු තේ එකට)
ගායනය : සමන් ලෙනින් සහ පිරිස
පද : ඩිල්ෂාන් පතිරත්න
සංගීත අදියුරු : සමන් ලෙනින්
මෙය වස් ගීයකි.


දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයි තරම් ලස්සණ උනත් මට ඌට මහ වස කැතට පෙනියාන්

කොයි තරම් ලස්සණ උනත්
ඌට මහ වස කැතට පෙනියාන්

පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්
කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට කිපියන්
අයිය පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැඩියන් 
නොකල හින්දා වැරැද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්

මකුළු දැල් නැන්දම්ම දෑසට කිතුල් මල් වාගේම පෙනියන්
නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි හිත තදට රිදියන් 
මඟුල එහෙනං තීන්දුයි දැන් කීවොතින් හොර කපුව එසැණින්
අළුත් නෑකම් සබා මැද්දේ අනේ ඕකගේ සරම කැඩියන්

අම්මගේ කට වචන ගිලියන්
තාත්තට වෙන වැඩක් වැටියන් 
කාගෙ හරි හිත තදට රිදියන් 
අනේ ඕකගෙ සරම කැඩියන්

මොකක් හරි හේතුවක් හින්දා
අමුඩෙ අමතක වෙලා තිබියන්

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියාන්

ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයි තරම් ලස්සණ උනත් මට ඌට මහ වස කැතට පෙනියාන්

කොයි තරම් ලස්සණ උනත්
ඌට මහ වස කැතට පෙනියාන් 

කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියාන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dunnu The Ekata Song Lyrics - දුන්නු තේ එකට ගීතයේ පද පෙළ Dunnu The Ekata Song Lyrics - දුන්නු තේ එකට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment