Hithapu Dewal Song Lyrics - හිතාපු දේවල් ගීතයේ පද පෙළ

Hithapu Dewal Song Lyrics - හිතාපු දේවල් ගීතයේ පද පෙළ

Hithapu Dewal Song Lyrics - හිතාපු දේවල් ගීතයේ පද පෙළ
Song Title : Hithapu Dewal (හිතාපු දේවල්)
ගායනය : ධර්මදාස වල්පොල සහ සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
හිඟන කොල්ලා චිත්‍රපටියේ ගීයක්
චිත්‍රපටිය, ඩබ්ලිව් ඒ. සිල්වා විසින් රචිත හිඟන කොල්ලා නවකතාව ඇසුරිනි


හිතාපු දේවල් කියන්න බැරිවී
කියාපු දේවල් හිතන්න බැරිවී
එල්ලිල මැරුණද පොඩි නෝනෝ
නෝනෝ නෝනෝ නෝනෝ නෝනෝ
පොඩි නෝනෝ //

ගමේ ළමිස්සියො දාහක් මැද්දේ
අහන්න ලැබුණා උඹගේ සද්දේ
ගමේ ළමිස්සියො දාහක් මැද්දේ
අහන්න ලැබුණා උඹගේ සද්දේ
කෝමළ ගී හඩ තාම ඇසේ //
මැවිලා පෙනෙනා රූපෙ අගේ
මැවිලා පෙනෙනා රූපෙ අගේ

හිතාපු දේවල් කියන්න බැරිවී
කියාපු දේවල් හිතන්න බැරිවී
එල්ලිල මැරුණද පොඩි නෝනෝ
නෝනෝ නෝනෝ නෝනෝ නෝනෝ
පොඩි නෝනෝ

රබාන මැද්දේ හෙප්පුව තියලා
තුං තුඹ තුඹ ගැට තුඹ මල් තියලා
රබාන මැද්දේ හෙප්පුව තියලා
තුං තුඹ තුඹ ගැට තුඹ මල් තියලා
කීව රබන් පද බෝම අගේ //
ඇය මේ ගමෙහී පාන වගේ
ඇය මේ ගමෙහී පාන වගේ

හිතාපු දේවල් කියන්න බැරිවී
කියාපු දේවල් හිතන්න බැරිවී
එල්ලිල මැරුණද පොඩි නෝනෝ
නෝනෝ නෝනෝ නෝනෝ නෝනෝ
පොඩි නෝනෝ

ඉලක්කෙ වැරදී දෙපා හැපීලා
ගහක් ගලක් වාගේ පෙරළීලා
ඉලක්කෙ වැරදී දෙපා හැපීලා
ගහක් ගලක් වාගේ පෙරළීලා
දෑස පියා ගත්තාද ළදේ
දෑස පියා ගත්තාද ළදේ
දෙයියෝ දන්නේ වින්ද වදේ
දෙයියෝ දන්නේ වින්ද වදේ

හිතාපු දේවල් කියන්න බැරිවී
කියාපු දේවල් හිතන්න බැරිවී
එල්ලිල මැරුණද පොඩි නෝනෝ
නෝනෝ නෝනෝ නෝනෝ නෝනෝ
පොඩි නෝනෝ
අම්මප පොඩි නෝනෝ
නෝනෝ පොඩි නෝනෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithapu Dewal Song Lyrics - හිතාපු දේවල් ගීතයේ පද පෙළ Hithapu Dewal Song Lyrics - හිතාපු දේවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment