Ape Budu Puthu Song Lyrics - අපේ බුදු පුතු ගීතයේ පද පෙළ

Ape Budu Puthu Song Lyrics - අපේ බුදු පුතු ගීතයේ පද පෙළ
Song Title : Ape Budu Puthu (අපේ බුදු පුතු)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ප්‍රසන්න දිසානායක
තනුව : දර්ශන රුවන් දිසානායක


අපේ බුදු පුතු බුදුන් අහියස වෙඩි තබා මැරුවා
යටත්විජිතය ගුගුරුවා
මහ හඬින් හැඬුවා
මහ හඬින් හැඬුවා

කන්ද උඩරට කඳු මුදුන්
සීත කඳුළින් තෙත්වුනා
මහා ගංගා විලස කඳුළැලි
පුණ්‍ය භුමිය තෙත් කළා

කසාවත පෙරවූ
මහා සිංහලයා
සිංහ නාදෙන් දනන් එක් කළ
ජාතියේ විරුවා

අහංකාර මිනිසා ටොරින්ග්ටන්
නුඹ නොවෙයි නිරිඳා
අපේ රට සුදු හමට යට නැහැ
දැන ගනින් සුද්දා
දැන ගනින් සුද්දා

කුඩාපොළ හිමි  සිංහ නාදය
වෙඩි හඬට නෑසී ගියා
අඳුරු සෙවණැලි අහස මතුවී
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Budu Puthu Song Lyrics - අපේ බුදු පුතු ගීතයේ පද පෙළ Ape Budu Puthu Song Lyrics - අපේ බුදු පුතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment