Wissai Wissa Song Lyrics - විස්සයි විස්ස ගීතයේ පද පෙළ

Wissai Wissa Song Lyrics - විස්සයි විස්ස ගීතයේ පද පෙළ
Song Title : Wissai Wissa (විස්සයි විස්ස)
Artist : Momo The Rapper
Lyrics : Momo The Rapper
Prod. & Mixed by M Jaz
Masterd : Hash_Tag
Director : Wagmee
Director of Photography : Wagmee
Editor : Wagmee
Colorist : Wagmee
Creative Director : Momo The Rapper
Story : Momo The Rapper
Assistant Director : Kalindu Bimsara
Production Manager & Art work : Gayan Gaushlya
Production Assistant : Dananajya Dissanayake
Art Director : Niransha Akalanka
Costume Designer : Mihiri Udugamasooriya
Choreographer : Uvindu Sri Abhisheka
Location Manager : Tharaka Sewwanda
Lighting Designer : Indusara Kasun(Mal Yaya)
Lighting Assistant : Wijitha & Dimuth
BTS : Sanjaya Rathnasooriya


ගිණි ඇවිලුණු බෝපත් සතරක
මැද මහ ලේ උනු වෙන සිත් මිස
අසිපත අත නැති කේසරයකු
නැත අන්ද මන්ද තනි උන උන් හිත් ලන
ගිනි ගන්න පිණි වැටෙනවා ධාර්මික
දැන් නම් මතකයි අපි අපෙ ජාතික
පිංසර හිත ගත ලත වෙන මනසක
කලුනික හොයනවා බොලා උන් හැමතැන
මතකෙට එන උප්පැන්නෙක ජාතක
ඉපදෙනකොට වැටෙනවා බොල නාමික
එදා පටන් හිතින් හිතන් අපි වැලලුනෙ
උන් දුන්න නිර්නාමික නාමික අවජාතක
කඩු කිණිසි කුමට තව මැරුමට තවකෙක්
ගැන නොහිතන නිරිසත් බව මතුරන්
පඩි නැගි නගින උන් අදින බිමට දමා
පාගල හිනා උනා නේද සකි දැන්
නිවටකමක සිංහ හම පොරවන්
උබ කරවයි දැන්නම් රජකම් සිරිකම්
දැන් මතකෙට මේ අපෙ ජාතිය
අපි නේද රකින්නෙ
මේ රට අපෙ නම්

රට ගැනද කතාන්දරෙ
වවං කාපු උන්ද රට කලේ
කතාවක් නැතිද මහජනේ
කෙලවෙල ඇයිද තව ඔහේ

ලක් ජන හිත ඇති මගෙ මාතා
පල් වෙනකොට දුක සැප අපෙ බේරා
බොල් වෙන පාලක හිස් බොල් මනසා
කරුමය අරුමය ලෙස උව පැමිණා
නිරුවත වහ ගෙන කට ඇරගෙන
වල් පල් දොඩන් බදන් සබදකම් මැද
මුල අමතක උනු විලි වියලි සංගෙට
සදාචාරෙ වැටිලද කබලෙන් ලිපටම
පට්ටම වටේට උගෙ පටි පට්ටන්තර
නැතිකම මුලට ඇගම විකුනන්නට
ගැල්වුනු රෙදි සරං ඇදං චීත්ත කාලෙට
අන්දන් ඇදන් ගැලවියන් හෙලු හෙලුවට
ඇසුරට සුරට සූදූ සුරාමේරෙට
මතුරට කරට කරවටක පතුලට
ඇසෙනට සරණයි සවනට පිහිටට
මගුලට බරට කරවටක දේපල
ජෝති පලාපල නක්ෂ නක්ශස්ත්‍ර
අපලෙට බෙල්ලට පිත්තල තහඩුව
නැත්තම් භාරය දෙයියන්ට යක්කුන්ට
තව අවුරුද්දයි උන් කිව් ආශ්චර්‍යෙට
මුලට මැදට හැමදා පුරානෝක්තියක්
සකල ජනන් හට වෙනවනෙ විහිලුවක්
කපන වනන්තර කතරක ඇරඹුමක්
යමට හදන්න වෙයි අලුතින් අපායක්
කියල පතලා වැදලා ගත්ත ගුණ කදාන්
ඇත්ත නැති රටක මොකටද පිල් බෙදාන්
පැත්ත හරි හැටිම දෙකට තුනකට බදාන්
නැට්ටෙ ඉදන් ගොම ගාගෙන නටාන්
පැත්ත ගියත් ඇත්ත කියන කට
මට්ටු කරන් කටින් බරට හිටවන්
පත්තු වෙන තොත්තු උණ්ඩයක රස්නය
කොට නම් උන්ට බොලා තහනම්
නිච්චි නැති පිච්ව් හොයන් වටෙන්
බලන් හිගං රහටත් කන්න වෙනව නම්
මන්ද මේ රටකට වෙන හරිහබ
නොතෙරේ සකි මට දැන්නම් තව නම්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wissai Wissa Song Lyrics - විස්සයි විස්ස ගීතයේ පද පෙළ Wissai Wissa Song Lyrics - විස්සයි විස්ස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment