Vikasitha Adara Wasanthaye Song Lyrics - විකසිත ආදර වසන්තයේ ගීතයේ පද පෙළ

Vikasitha Adara Wasanthaye Song Lyrics - විකසිත ආදර වසන්තයේ ගීතයේ පද පෙළ
Song Title : Vikasitha Adara Wasanthaye (විකසිත ආදර වසන්තයේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : අතුල අධිකාරී


විකසිත ආදර වසන්තයේ
කඳු හිස ඔබමයි සුගන්ධ වූ
මල්වර මල් යහනේ
මල් මත පැටලුණු නිරන්තරේ
ඔබ ඔබමයි ඔබ අනන්ත වූ
කෝ ඔබ කෝ කොතැනේ
විකසිත ආදර වසන්තයේ

වැතිරුණු ලෝකය ඔබ පය පාමුල
ඉර දුටු පින්නේ ඇත සැඟවී
සරසා ආ සඳ සරදාකාසය
කෝ අද ඒ සඳ යෞවනයේ

මල් බමර කිකිණි ගොළුවී
ඉර දවන ජීවිතේ
තනිකමක් ඔබට නොදැණී
තිබුණාට හදවතේ

විකසිත ආදර වසන්තයේ
කඳු හිස ඔබමයි සුගන්ධ වූ
මල්වර මල් යහනේ
මල් මත පැටලුණු නිරන්තරේ

ආ අඅ.. අඅ අඅ ආ... අඅ
ආ අඅ.. අඅ අඅ ආ... අඅ
අඅ ආ.. අඅ ආ... අඅ ආ...

සදානන්දකර ඔබගේ ගීතය
රෑ නිදි නැති නදියක කලතා
ජීවිතයේ රස හඳුනා දුන මැන
ආයේ ආයේ යෞවනයේ

සුභ සිහින පොකුරු පුබුදා
හෙට දවස හිරු නැඟේ
නෙත කඳුළු කඳුරු වියලා
මම රකිමි ඔබ මගේ

විකසිත ආදර වසන්තයේ
කඳු හිස ඔබමයි සුගන්ධ වූ
මල්වර මල් යහනේ
මල් මත පැටලුණු නිරන්තරේ
ඔබ ඔබමයි ඔබ අනන්ත වූ
කෝ ඔබ කෝ කොතැනේ
විකසිත ආදර වසන්තයේ
කඳු හිස ඔබමයි සුගන්ධ වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vikasitha Adara Wasanthaye Song Lyrics - විකසිත ආදර වසන්තයේ ගීතයේ පද පෙළ Vikasitha Adara Wasanthaye Song Lyrics - විකසිත ආදර වසන්තයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2022 Rating: 5

0 comments:

Post a Comment