Ramaniya Kamaniya Ape Adare Song Lyrics - රමණීය කමනීය අපෙ ආදරේ ගීතයේ පද පෙළ

Ramaniya Kamaniya Ape Adare Song Lyrics - රමණීය කමනීය අපෙ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ramaniya Kamaniya Ape Adare (රමණීය කමනීය අපෙ ආදරේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල
පද : (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
තනුව : (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
නව සංගීතය : සෝමපාල රත්නායක
2006 වසරේදී තිරගතවූ ‍සුපිරි බලවතා චිත්‍රපටියට ඇතුළත් වූ ගීයකි.


රමණීය කමනීය අපෙ ආදරේ
නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ

පෙර ආත්ම භාවේදි පැතුසේ මෙසේ
අප දෙන්නා එක්වීය නොසිතූ ලෙසේ
සුර ලෝකෙ සුර සැපත විඳිමූ ප්‍රියේ
එක යහනෙ එක තුරුළෙ සැනසී තොසේ

රමණීය කමනීය අපෙ ආදරේ
නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ

සංසාර සහරාවෙ මේ ප්‍රේම තරණේ
නොසැළෙන්න නොතැවෙන්න සුහදානනේ
හැමදාම ඔබ මාගෙ මා ඔබගෙ වේ
අප දෙන්නගේ ප්‍රාණෙ එක ප්‍රාණෙ වේ

රමණීය කමනීය අපෙ ආදරේ
නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ramaniya Kamaniya Ape Adare Song Lyrics - රමණීය කමනීය අපෙ ආදරේ ගීතයේ පද පෙළ Ramaniya Kamaniya Ape Adare Song Lyrics - රමණීය කමනීය අපෙ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment