Pruthugeesikaraya Song Lyrics - පෘතුගීසිකාරයා ගීතයේ පද පෙළ

Pruthugeesikaraya Song Lyrics - පෘතුගීසිකාරයා ගීතයේ පද පෙළ

Pruthugeesikaraya Song Lyrics - පෘතුගීසිකාරයා ගීතයේ පද පෙළ
Song Title : Pruthugeesikaraya (පෘතුගීසිකාරයා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සිඩ්නි ආටිගල ඇතුලු පිරිස
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගත "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.


පෘතුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..)
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ  (ආ..) //
පැතිරෙයි විනෝද මිහිරේ //
විනෝද මිහිරේ

පෘතුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..)
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) //
බයිනෙත්තුයි හරවන්නේ //
විනෝද මිහිරේ

පෘතුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..)
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..)//
වැදුනොත් ලෝකෙට මුක්කු //
විනෝද මිහිරේ

පෘතුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..)
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ  (ආ..) //
යුද්දෙට හරිම හපන්නූ //
විනෝද මිහිරේ

පෘතුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pruthugeesikaraya Song Lyrics - පෘතුගීසිකාරයා ගීතයේ පද පෙළ Pruthugeesikaraya Song Lyrics - පෘතුගීසිකාරයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment