Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ

Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ
Song Title : Muladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
ගී පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : මොහොමඩ් සාලි


මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා //

එහෙම කළොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළකඳ තමා //

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ //

එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ //

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment