Ma Labu Jiwithaye Song Lyrics - මා ලැබු ජීවිතයේ ගීතයේ පද පෙළ

Ma Labu Jiwithaye Song Lyrics - මා ලැබු ජීවිතයේ ගීතයේ පද පෙළ
Song Title : Ma Labu Jiwithaye (මා ලැබු ජීවිතයේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
තනුව : මොහොමඩ් සාලි


මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ //
මා ලැබු ජීවිතයේ

පැමිණෙන දුක් පැණි රසයි
ලැබෙන දෙයක් දෙන්නටයි //
රත්තරනේ ඔයා ඉන්න පොඩි පැල්පත මට සැපයි //

මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ
මා ලැබු ජීවිතයේ

දෑත දෙපය ජීවිතේ
සවි ඇති තුරු මේ හිතේ //
කෙනෙක් ළඟට අත පාන්න යන්න දෙන්නෙ නෑ ප්‍රියේ //

මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ
මා ලැබු ජීවිතයේ

අවාසනාවයි දුකයි
මා ලැබු දේ එපමණයි //
ඔබ පොඩ්ඩක් හිනාවෙන්න ඒ මොහොතෙදි මට සැපයි //

මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ //
මා ලැබු ජීවිතයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Labu Jiwithaye Song Lyrics - මා ලැබු ජීවිතයේ ගීතයේ පද පෙළ Ma Labu Jiwithaye Song Lyrics - මා ලැබු ජීවිතයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2022 Rating: 5

0 comments:

Post a Comment