Ahasata Sonduruda Song Lyrics - අහසට සොඳුරුද ගීතයේ පද පෙළ

Ahasata Sonduruda Song Lyrics - අහසට සොඳුරුද ගීතයේ පද පෙළ
Song Title : Ahasata Sonduruda (අහසට සොඳුරුද)
Singing : Nelu Adikari ft. Kashyapa


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සොඳුරුද මාහට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වේ ලතැවුල්

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasata Sonduruda Song Lyrics - අහසට සොඳුරුද ගීතයේ පද පෙළ Ahasata Sonduruda Song Lyrics - අහසට සොඳුරුද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment