Lassana Dewal Penenne Song Lyrics - ලස්සන දේවල් පෙනෙන්නේ ගීතයේ පද පෙළ

Lassana Dewal Penenne Song Lyrics - ලස්සන දේවල් පෙනෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Dewal Penenne (ලස්සන දේවල් පෙනෙන්නේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
තනුව : පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


ලස්සන දේවල් පෙනෙන්නේ
ලස්සන දේවල් පෙනෙන්නේ
සීතල සුළං හමයි
ඇස් දෙක සතුටින් පිරෙන්නේ
නාඹර වයසෙ තමයි //

සිත මගෙ වෙනතක ඇදෙන්නේ
විදුලිය විලසයි දුවන්නේ
පිපුණු මලකි ළඟ තියෙන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ //

දහසක් සිතුවිලි මැවෙන්නේ
තරු මෙන් ආකාසේ
සිතු ලෙස පහදා කියන්නේ
කොයි කවදා කෙලෙසේ //

මොහොතක් නැත ඉඩ ලැබෙන්නේ
එනිසයි පුල පුල සිටින්නේ
නැවතත් ඔබටයි කියන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ //

ලස්සන දේවල් පෙනෙන්නේ
සීතල සුළං හමයි
ඇස් දෙක සතුටින් පිරෙන්නේ
නාඹර වයසෙ තමයි //

සිත මගෙ වෙනතක ඇදෙන්නේ
විදුලිය විලසයි දුවන්නේ
පිපුණු මලකි ළඟ තියෙන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Dewal Penenne Song Lyrics - ලස්සන දේවල් පෙනෙන්නේ ගීතයේ පද පෙළ Lassana Dewal Penenne Song Lyrics - ලස්සන දේවල් පෙනෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment