Hinahenna Hinahenna Song Lyrics - හිනැහෙන්න හිනැහෙන්න ගීතයේ පද පෙළ

Hinahenna Hinahenna Song Lyrics - හිනැහෙන්න හිනැහෙන්න ගීතයේ පද පෙළ
Song Title : Hinahenna Hinahenna (හිනැහෙන්න හිනැහෙන්න)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක

Down by the River Liv'd a Maiden නම් ප්‍රකට ගීයෙහි තනුවට මේ ගීය ගායනා කර ඇත.
ගීයේ නිර්මානයට දායක වූවන් කවුරුන්දැයි සොයාගත නොහැකි විය. කෙසේ නමුත් මෙය චිත්‍රපටියකට නිර්මානය වූවක් නොවේ.

Down by the River Liv'd a Maiden ගීය පාදක කරගෙන නිර්මානයවූ “Oh My Darling, Clementine” ගීය තමයි පසු කාලෙක වඩාත් ජනප්‍රිය වෙන්නෙ. එහි විවිධ ගායනා රැසක්ම තියෙනවා. 

1957 වසරේදී තිරගතවූ "සූරයා" චිත්‍රපටයට ධර්මදාස වල්පොල ගායනා කළ " සැනසිල්ල නැලවිල්ල" නම් ගීයත්,  එම පෙළට එකතුවූ ගීයක්. 
1956 දී තිරගතවූ "CID" හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "Yeh Hai Bombay Meri Jaan" ගීයත් අපේ මතකයේ රැඳි ඒ පෙළටම ඇතුළත් ගීයක්.
Down by the River Liv'd a Maiden ගීයයි මේ කී ගී දමේ උත්පත්ති ගීය.


හිනැහෙන්න හිනැහෙන්න මනමාලියේ
පෙර හැඳුනුම් අද නැති සේ කිම ඉන්නේ මන්දා

හිනැහෙන්න හිනැහෙන්න මනමාලයෝ
හද විලියෙන් බර මුවකින් කිම ඉන්නේ මන්දා

පෙම් යුද්දෙන් ජය ලද්දෙන් සුභ මොහොතින් නැකතින්
සන්තාපෙන් සබකෝලෙන් ඇයි දෙන්නා මෙලෙසින්
පෙම් යුද්දෙන් ජය ලද්දෙන් සුභ මොහොතින් නැකතින්
සන්තාපෙන් සබකෝලෙන් ඇයි දෙන්නා මෙලෙසින්

නෑදෑ යහළූ සාදේ පිරිලා
පෙර හැඳුනුම් අද නැති සේ කිම ඉන්නේ මන්දා

හිනැහෙන්න හිනැහෙන්න මනමාලයෝ
අද විලියෙන් බර මුවකින් කිම ඉන්නේ මන්දා්‍ර

හාහාහ හොහෝහෝ හ හාහාහ හා
හ්ම්..හ්...ම් හ්ම්..හ්...ම් හහා හා හා

මව් තුරුළෙන් අද වෙන්වී සුබසරණේ බැඳිලා
ඇය ඔහුගෙයි ඔහු ඇයගෙයි දුක සැපතේ මතු දා
මව් තුරුළෙන් අද වෙන්වී සුබසරණේ බැඳිලා
ඇය ඔහුගෙයි ඔහු ඇයගෙයි දුක සැපතේ මතු දා

ඕනෑ වේදෝ අප නෑ එනිසා
පෙර හැඟුමෙන් අමතක මෙන් අද ඉන්නේ දෙදෙනා

හිනැහෙන්න හිනැහෙන්න මනමාලියේ
පෙර හැඳුනුම් අද නැති සේ කිම ඉන්නේ මන්දා

හිනැහෙන්න හිනැහෙන්න මනමාලයෝ
හද විලියෙන් බර මුවකින් කිම ඉන්නේ මන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinahenna Hinahenna Song Lyrics - හිනැහෙන්න හිනැහෙන්න ගීතයේ පද පෙළ Hinahenna Hinahenna Song Lyrics - හිනැහෙන්න හිනැහෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment