Eka Yayata Mal Peeduna Song Lyrics - එක යායට මල් පීදුන ගීතයේ පද පෙළ

Eka Yayata Mal Peeduna Song Lyrics - එක යායට මල් පීදුන ගීතයේ පද පෙළ
Song Title : Eka Yayata Mal Peeduna (එක යායට මල් පීදුන)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබ කෙහෙරැලි //
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Yayata Mal Peeduna Song Lyrics - එක යායට මල් පීදුන ගීතයේ පද පෙළ Eka Yayata Mal Peeduna Song Lyrics - එක යායට මල් පීදුන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2022 Rating: 5

0 comments:

Post a Comment