Dethol Theli Thudin Song Lyrics - දෙතොල් තෙලි තුඩින් ගීතයේ පද පෙළ

Dethol Theli Thudin Song Lyrics - දෙතොල් තෙලි තුඩින් ගීතයේ පද පෙළ
Song Title : Dethol Theli Thudin (දෙතොල් තෙලි තුඩින්)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dethol Theli Thudin Song Lyrics - දෙතොල් තෙලි තුඩින් ගීතයේ පද පෙළ Dethol Theli Thudin Song Lyrics - දෙතොල් තෙලි තුඩින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment