Your Choice Way

Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ

Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ
Song Title : Sulanga Obada (සුළඟ ඔබද)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : හර්ෂ ආරියසිංහ
ගී පද : මහින්ද කේ. ප්‍රේමසිරි


සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද //

ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ

සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ
කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment