සෝයා බන් හදමු (Soya Bun)

සෝයා බන් හදමු (Soya Bun) - Your Choice Way

අවන් නැති අපේ යාලුවො වෙනුවෙන් වගේම නිර්මාංශ යාලුවො වෙනුවෙන් බන් රෙසිපි එකක් අද මං ඔයාලට ගෙනාවෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 පාන්පිටි කෝප්ප 2 ක්
  • 🌼 යීස්ට් තේ හැඳි 2 ක්
  • 🌼 සීනි මේස හැඳි 1 ක්
  • 🌼 කිරිපිටි මේස හැඳි 2 ක්
  • 🌼 ලුණු තේ හැඳි 1 ක්
  • 🌼 තෙල් මේස හැඳි 2 ක්
  • 🌼 මද උණුසුම් වතුර කෝප්ප 1/2 ක්

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  1. 🎈 පාන්පිටි ,සීනි ,යීස්ට් ,ලුණු සහ කිරිපිටි  භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. 🎈 දැන් මද උණුසුම් වතුර ටික ටික එකතු කරමින් පිටි අනා ගන්න. තෙත් ගතිය මදි වගේ නම් තව වතුර මේස හැන්දක් පමණ එකතු කර ගන්න.
  3. 🎈 දැන් තෙල් මේස හැඳි 2 වරින්වර එකතු කරමින් මෘදු ලෙස පිටි මෝලිය විනාඩි 10 ක් පමණ අනා ගන්න.
  4. 🎈 අනාගත් පිටි මෝලිය වටා තෙල් ආලේප කර භාජනයට දමා ඉටි කොලයකින් හොඳින් ආවරණය කර උණුසුම් ස්තානයක පැයක් පමණ පිපෙන්න  තබන්න.

🎈 ඒ අතර ඔයාලා කරි එක හදා ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 ඔයාලා කැමති රසකින් සෝයා පැකට් එකක්
  • 🌼 තම්බාගත් අර්තාපල් අල ගෙඩියක් 
  • 🌼 ලියාගත් බී ළූනු ගෙඩියක් 
  • 🌼 තලාගත් සුදුළූනු සහ අමු ඉඟුරු ටිකක් 
  • 🌼 කරපිංචා ටිකක් 
  • 🌼 කෑලි මිරිස් තේ හැඳි 1 ක් 
  • 🌼 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
  • 🌼 අමු මිරිස් කරල් 2 ක්
  • 🌼 අවශ්‍ය පමණ ලුණු
  • 🌼 තෙල් ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 මුලින්ම ඔයාලා කැමති විදියකට හෝ පැකට් එකේ සඳහන් ආකාරයට සෝයා මීට් එක පිස ඉස්ම සිඳුවා ගන්න.
  2. 🎈 පසුව තෙල් මේස හැන්දක් පමණ භාජනයකට දමා රත් කර තලාගත් ඉඟුරු , සුදුළූනු සහ කරපිංචා එකතු කර තෙම්පරාදු කර ගන්න.
  3. 🎈 එයට ලියාගත් බී ලූනු එකතු කර ටිකක් තෙම්පරාදු කරන්න.
  4. 🎈 දැන් එයට කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු  එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  5. 🎈 දැන් එයට තම්බා පොඩිකර ගත් අර්තාපල් එකතු කර හොඳින් මිශ්‍ර කර තෙම්පරාදු කර ගන්න.
  6. 🎈 පසුව පිසගත් සෝයා මීට් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ලුණු බලා අවශ්‍ය පමණ එකතු කර ලිපෙන් ඉවත් කර ගන්න.

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

  1. 🎈 පැයකට පසුව පිපුණු පිටි මෝලිය ගෙන පිටි අල්ලෙන් තෙරපා වායු ඉවත් කර විනාඩි 2 ක් පමණ නැවත අනා ගන්න.
  2. 🎈 දැන් පිටි මෝලිය සමාන කොටස් 10කට හෝ 12 කට වෙන් කර බෝල සාදා ගන්න.
  3. 🎈 පසුව සාදා ගත් පිටි බෝලයක් ගෙන පිටි ඉසගත් මතුපිටක දමා රෝලින් පින් එකකින් රවුමට තුනී කර ගන්න .ගොඩාක් ලොකු රවුමක් නෙමෙයි අඟල් 5,6 ක පමණ.
  4. 🎈 තුනීකර ගත් රවුම මැදට සාදාගත් කරි එකෙන් හැන්දක් පමණ දමා රවුම වටෙන් අතින් ටික ටික මැදට එකතු කරමින් අතින් එකතු වූ පිටි ටික තද කර රවුමට බනිස් එකේ හැඩය සාදා ගන්න.
  5. 🎈 දැන් තෙල් තවරා ගත් පෑන් එකක සාදාගත් බන් අඟලක පමණ දුර තබමින් අතුරා විනාඩි 15 ක් පමණ ඉටි කොලයකින් වසා පිපෙන්න තබන්න.
  6. 🎈 පසුව ඝනකම් තහඩුවක් ,තෝසෙ තැටියක් හෝ වෙනත් ඝනකම් පෑන් එකක් මද ගින්දරේ  ලිප තබා විනාඩි 5 ක් පමණ රත් කරන්න.
  7. 🎈 රත්කර ගත් තැටිය මත බන් අතුරා ගත් පෑන් එක තබා පියනකින් හොඳින් වසා විනාඩි 10 ක් 15 ක් පමණ දෙපැත්ත දමා බේක් කර ගන්න. එක් පැත්තක් රන්වන් පැහැ උනාට පසු අනෙක් පැත්ත දමා බේක් කර ගන්න.
  8. ❤️ ඔයාලා අවන් එකක් පාවිච්චි කරනවා නම් 180° C න් රත් කල අවන් එකක විනාඩි 15 ක් 20 ක් පමණ බේක් කර ගන්න. බේක් කරන්න කලින්  බනිස් උඩ දියර කිරි ටිකක් ආලේප කරන්න .

ලොකු වැඩක් වගේ පෙනුනත් මේක හරිම පහසුයි ,එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
සෝයා බන් හදමු (Soya Bun) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සෝයා බන් හදමු (Soya Bun) සෝයා බන් හදමු (Soya Bun) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment