Siyadiwi Hani Song Lyrics - සියදිවි හානි ගීතයේ පද පෙළ

Siyadiwi Hani Song Lyrics - සියදිවි හානි ගීතයේ පද පෙළ
Song Title : Siyadiwi Hani (සියදිවි හානි)
🎵 Artist : Master D × Zany Inzane
🎼 Music : Master D
🖋️ Lyrics : Master D × Zany Inzane


ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසා වී
මාව මගෙ මනසම අමතා වී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසා වී

සීමිත බලාපොරොත්තු අවම දුක
හැමදේම තීරණය කරද්දි අකුරු තුන
මේ පේන දේ නෙවේ තියෙන්නෙ වචන තුල
මේ භාහිර ලෝකේ සියල්ල තාවකාලිකයි
ඒවා පස්සේ ලුහුබැඳ නිකරුනේ කාලේ කයි
ඒ නිසයි මං ඈත් වෙන්නෙ බැඳීම් වලින්
ඒවා මාව දුර්වල කරලා දාලා යයි
උඹ පීනපන් කඩාගෙන ඒ දැල
හේතු හදන්න එපා පසුතැවෙන්න උඹ ගැන
ඉවසීමෙන් තේරුම් ගනින් මේ අනිත්‍ය
මරපන් උඹේ හදවත හඬා වැලපෙන

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසා වී
මාව මගෙ මනසම අමතා වී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසා වී

තා පිරි පැට වට බඹරය අද
වේලාසනින් වැහුවා දොර මම කාමරය
අතපසුවන්නට කෙනෙක් නැති මතකය
තව මුමුනන්නට
කෙනෙක් ඇති මිතුරම ළඟින් මගේ
අන්තිම තීරණේ ගන්නම් මං රිදුනද
යන්තමින් හරි දැනන් උන්ගේ හිත රිදුනද
නින්දට හේතුව නුඹේ හිත ඇඳුනද
ලස්සන බුදු බණ නුඹේ හිත රැඳුනයි
රිදවාලා විග නුහුරු තිඹිරි පත්
හිස මදවාරුයි ගමන කෙලපෙරෙන හිත්
ඇති අතාගාමින් සැපට සති ගනං මං මත්
මගේ රට පාරුවෙන් අඳින කල සැමට තත්
දුක කසා පාරක් නෙවේ දැන් ගත්තා මං මගෙ රත්
මට කටපාඩම් නිතර ඇසුණු බුදු බස්
ඉතිම් හිත පාගා නැගෙන කලු අකුලු ගස්
කෙලතර පාලා බලන්නම් බරද මට මං

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී
අඳුරේ මම තව එක රැයක් ඉවසා වී
මාව මගෙ මනසම අමතා වී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසා වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyadiwi Hani Song Lyrics - සියදිවි හානි ගීතයේ පද පෙළ Siyadiwi Hani Song Lyrics - සියදිවි හානි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment