Sitha Hadayi Song Lyrics - සිත හඬයි ගීතයේ පද පෙළ

Sitha Hadayi Song Lyrics - සිත හඬයි ගීතයේ පද පෙළ
Song Title : Sitha Hadayi (සිත හඬයි)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : හේමසිරි හල්පිට
තනුව : ඉලයරාජ් (R. Gnanathesikan) සහ විශ්වනාදන්  (Manayangath Subramanian Viswanathan)
සංගීතය : සරත් ද අල්විස්


සිත හඬයි 
මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන් 
මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ

සිත හඬයි 
මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන් 
මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ //

ඔබගෙ සුරත ගෙන 
සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම ‍රැඳුනු මා දෑසේ 
සිහිනයක්ද මායාවේ

ඇයිද මා මුලාවේ 
තනි කළේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා 
ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි

ඉන්න බෑ 
ළංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ 
රත්තරනේ
දිවිය අද මේ අඳුරු කළේ

ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ 
ආදරේට පි‍ටු පෑවේ

සඳට අහස වාගේ 
මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා 
ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි

ඉන්න බෑ 
ළංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ 
රත්තරනේ
දිවිය අද මේ අඳුරු කළේ

සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ
කඳුළ පමණද මේ ලෝකේ
සිත හඬයි

“Mella Thiranthathu Kathavu“ නමැති ද්‍රවිඪ චිත්‍රපටියට එස්. ජානකී ගැයූ “Oru Sanam Thoonkirichu“ යන ගීයේ තනුව මේ ගීය සඳහා යොදා ගෙන ඇත.

නිරෝෂා ලාලිත්‍යා විරාජිනී ද සිල්වා මුල් කාලයේ ගායනා කළේ දමිළ හා හින්දි ගී. මට මතකයි ජාතික රූපවාහිනියෙ සත් වස් පූර්ණ සංගීත ප්‍රසංගයට (1989) නිරෝෂා විරාජිනීට අවස්ථාවක් ලැබී තිබුණා ගීයක් ගයන්න. එදා ඇය ගායනා කළේ “Bahut pyaar karte hain tumko sanam “ නමැති ගීය. එදා ඇගේ රූපකාය හා සැරසී සිටි විලාසය ඔබ දුටුවා නම් (දැක්ක අයට මතක ඇති) මේ දැන් ඉන්නෙ ඒ නිරෝෂා ම ද කියල හිතෙයි.

රූපවාහිනියෙ සත් වස් පූර්ණ සංගීත ප්‍රසංගයේ මුල් වරට මා ඈ දුටු දවසේ ම මට හැඟී ගියා කවදා හෝ ඈ මේ ක්ෂේත්‍රය දිග් විජය කරනා බව. කාලයත් එක්ක ඈ පරිනත ශිල්පිණියක් වෙලා. ඒ ගැන සතුටුයි. ඒත් හරහට පරිනත වීම නම් අගේ කරන්නෙ කොහොමද? දැන් දැන් ජිම් එකට ගිහිං ව්‍යායාම කරමින් තමන්ගෙ හැඩ රුව ගැනත් ඈ උනන්දු වෙනවා. ඔව් එහෙම වෙන්න ඕන. මිනිස්සු අහනවා විතරක් නෙවෙයි නෙ..

නිරෝෂා ගෙ ජීවිතයෙ හැමදාම හෙවණැල්ල වගේ හිටියෙ ඇගේ අම්මා වර්ජිනියා ද සිල්වා මහත්මිය. නිරෝෂගෙ කතාව එතරම්ම මිහිරි නෑ. ඈ ආ ගමන් මඟ කඳු, හෙල්, තැනිතලා, කටු කෙහොල් සියල්ලෙන් බරිත වුණා. තරුණ වියට පා නගන්නට ප්‍රථම මිහිරි මතකයක් තිබේ නම්, ඒ ඈ මාවරමණ්ඩියේ ජීවත් වූ වකවාණුව කියලයි මා නම් හිතන්නෙ.

ඒ කතාවල් කියන්න ගියොත් මට මේක පිටු ගාණක් ලියන්න වෙනවා.

‘සුපර් සන්’ සංගීත කණ්ඩායමත් එක්ක කටයුතු කරද්දි ලැබුණු එක් අවස්ථාවක් නිසා, සරත් ගලප්පත්ති මහතාගේ මග පෙන්වීමෙන් හා සහයෙන් ඈ ඇගේ ප්‍රථම ගීය පටිගත කළා. ඒ තමයි “සිත හඬයි“ කියන ගීය. ඉලයරාජ් සංගීතවත් කළ “Mella Thiranthathu Kathavu“ නමැති ද්‍රවිඪ චිත්‍රපටියට එස්. ජානකී ගැයූ “Oru Sanam Thoonkirichu“ යන ගීයේ තනුවටයි “සිත හඬයි“ ලියැවුණේ. ගීය ලිව්වෙ හේමසිරි හල්පිට.

මුල් ගීය මැනවින් සංරක්ෂණය වී නැති නිසා, තැනින් තැනින් ඔබ අහුලා ගෙන අහන්නෙ, නොයෙක් අවස්ථා වල ගැයූ ඉහත ගීයේ විවිධ ගැයුම්.


සෙන්ටිග්‍රේඩ්ස් හී තුසිත් සමගින් කළ නව නිර්මානය. (Media.lk වෙතින්)

දෙරණ ඩෙල් ස්ටුඩියෝ හිදී මහේෂ් දෙනිපිටියගේ සංගීතයට ගැයූ ගීය (දෙරණ ටීවී වෙතින්)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Hadayi Song Lyrics - සිත හඬයි ගීතයේ පද පෙළ Sitha Hadayi Song Lyrics - සිත හඬයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment