ජුජුබ්ස් හදමු (Jujubes) 🍫🍡

ජුජුබ්ස් හදමු (Jujubes) 🍫🍡 - Your Choice Way

ඔන්න අද මං ඔයාලට රස කෑමක් අරන් ආවා.. 😊

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ජෙලටින් මේස හැඳි 2
  • උනු වතුර කෝප්ප 1/2ක් (ජෙලටින් දියකර ගැනීමට)
  • සීනි කෝප්පයක් 
  • වතුර කෝප්ප 1/2ක් (සීනි උනු කර ගැනීමට)
  • දෙහි යුශ තේ හැඳි 1ක්/ 2ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 මුලින්ම උනු වතුර කෝප්ප බාගය දමා ජෙලටින් ටික දියකර ගන්න.
  2. 🌸 පසුව භාජනයක් ලිප තබා සීනි සහ වතුර කෝප්ප බාගය දමා මද ගින්නේ උතුරවා ගන්න.
  3. 🌸 නූල් ඇදෙන පදම තෙක් උනු කර ගන්න , කුඩා වතුර භාජනයකට උනුකර ගත් සීනි ස්වල්පයක් දමා අතින් එකතු කර බලන්න .එය එකට එකතු වනවානම් එයයි පදම.
  4. 🌸 ඊලඟට ගින්දර තවත් අඩුකර දියකර ගත් ජෙලටින් සහ දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කර තවත් විනාඩි දෙක තුනක් මිශ්‍රණය උනුකර ගන්න.
  5. 🌸 ලිපෙන් ඉවතට ගෙන ඔයාලා යොදා ගන්නා වර්න අනුව කුඩා භාජන වලට වෙන් කර ගන්න.
  6. 🌸 දැන් අවශ්‍ය වර්ණ එකතු කර ගන්න.
  7. 🌸 වර්ණ යොදා ගත් මිශ්‍රණය සිලිකන් අච්චු වලට හෝ ශීතකරණයේ අයිස් මිදීමට දමන ට්‍රේ එකේ හොඳින් තෙල් ආලේප කර කුඩා හැන්දක් අධාරයෙන් සමාන ප්‍රමාණ දා ගන්න. (පැය 3,4ක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියන්න,ශීතකරණයේ දැමීමට අවශ්‍ය නැහැ.)
  8. 🌸 පැය 3,4 කට පසුව පරිස්සමෙන් ගලවා ගෙන සීනි වල දවටා ගන්න.🌸🌸 දැන් රස බලන්න පුළුවන්  🌸🌸

හෙළයේ රස මිහිර
ජුජුබ්ස් හදමු (Jujubes) 🍫🍡 - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජුජුබ්ස් හදමු (Jujubes) 🍫🍡 ජුජුබ්ස් හදමු (Jujubes) 🍫🍡 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment