Siri Siri Hadin Song Lyrics - සිරි සිරි හඬින් ගීතයේ පද පෙළ

Siri Siri Hadin Song Lyrics - සිරි සිරි හඬින් ගීතයේ පද පෙළ
Song Title : Siri Siri Hadin (සිරි සිරි හඬින්)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය : සංගීත් වික්‍රමසිංහ


සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය //

පිණි පොද දුටුවාද තුරු අතු අග්ගිස්සේ
හිත හිත නටයි මල් මත පෙත්තෙන් පෙත්තේ //
එන්නට කළින් මන්දාරම් මහ වැස්සේ
ඉන්නට හිතයි තෙමි තෙමි මිණි පොද වැස්සේ

අත්තෙන් අත්ත පැන පැන එන දිය බිංදු
තණ මත වැටී දිලිසී හිනැහෙන රුසිරූ //
ගස් යට වැස්සකට මා තෙමෙනා අයුරු
මෙරුවනි බලව් මගෙ සිත ඉගිලෙන රුසිරූ

සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Siri Hadin Song Lyrics - සිරි සිරි හඬින් ගීතයේ පද පෙළ Siri Siri Hadin Song Lyrics - සිරි සිරි හඬින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment