Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ

Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ
Song Title : Senehasa Dewolaki (සෙනෙහස දෙවොලකි)
ගායනය : සෝමසිරි මැදගෙදර
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : බන්දුල ජයසිංහ


සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

මේ ගීතයේ ජනප්‍රිය අනුවාදනය රූකාන්ත ගුණතිලක විසින් ගැයූ ගීයයි. ඒත් සෝමසිරි මැදගෙදර මහතාගේ අනුවාදනයත් ඒ තරම්ම රසවත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment