Sithak Bindunu Pasu Song Lyrics - සිතක් බිඳුණු පසු ගීතයේ පද පෙළ

Sithak Bindunu Pasu Song Lyrics - සිතක් බිඳුණු පසු ගීතයේ පද පෙළ
Song Title : Sithak Bindunu Pasu (සිතක් බිඳුණු පසු)
ගායනය : සෝමසිරි මැදගෙදර
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්ධුල ජයසිංහ


සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ //

බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා //
සිතින් දුරස් වී
ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

ඔබ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා //
මගෙම අඳුරු ලොව
තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithak Bindunu Pasu Song Lyrics - සිතක් බිඳුණු පසු ගීතයේ පද පෙළ Sithak Bindunu Pasu Song Lyrics - සිතක් බිඳුණු පසු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment