Pama Wee Ho Enna Song Lyrics - පමා වී හෝ එන්න ගීතයේ පද පෙළ

Pama Wee Ho Enna Song Lyrics - පමා වී හෝ එන්න ගීතයේ පද පෙළ
Song Title : Pama Wee Ho Enna (පමා වී හෝ එන්න)
ගායනය : චරිත් ජයනෙත්ති
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : විමල් කැටපෙරච්චි


සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න
සදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්න
මළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න

අරාජික අහසකට ප්‍රභා කිරුළක් වෙන්න
විදාගෙන පියාපත් පියාසැරියට එන්න
වෙලාවක් හොයාගෙන නෙලාගෙන මල් තුඩගින්ම
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න

ඉතා පටු දූපතට සමා වී ගොඩවෙන්න
මහා ත්‍රීපික පෙමක විලාසය විඳගන්න
තබා පියවර සෙමින් සොබාවට එක්වෙන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න

සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න
සදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්න
මළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pama Wee Ho Enna Song Lyrics - පමා වී හෝ එන්න ගීතයේ පද පෙළ Pama Wee Ho Enna Song Lyrics - පමා වී හෝ එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment