Nolaba Obe Adare Song Lyrics - නොලැබ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ

Nolaba Obe Adare Song Lyrics - නොලැබ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Nolaba Obe Adare (නොලැබ ඔබේ ආදරේ)
ගායනය : දමිත් අසංක
සංගීතය : රධීෂ් වැන්දබෝනා
පද රචනය : සජිත් චතුරංග


නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ
නොලැබ ඔබේ ආදරේ

ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්
වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිතකින්
සරදම් කොතෙක් කළත් රිදුවම් මතක් වුණත්
පෙර වාගේමයි අදත්
මම ආදරෙයි තවත්
මම ආදරෙයි තවත්

වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල්
හුස්ම නැති වීලා ගියත් සැනසුමක් මට දැන්
හඬවා දුරස් වුණත් වෙනතක් බලා ගියත්
අමනාප නෑ තවත් ඔබ එන්න ආයෙමත්
ඔබ එන්න ආයෙමත්

නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ
නොලැබ ඔබේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nolaba Obe Adare Song Lyrics - නොලැබ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Nolaba Obe Adare Song Lyrics - නොලැබ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment