මිල්ක් කුකීස් හදමු (Milk Cookies)

මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ අවන් නැති අපේ යාලුවන්ට ගෑස් ලිපේ පහසුවෙන් හදා ගන්න පුළුවන් කුකී රෙසිපි එකක් 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 බටර් මේස හැඳි 1 ක් 
  • 🌷 කුඩුකරගත් සීනි මේස හැඳි 2 ක් 
  • 🌷 කෝන්ෆ්ලාර් කෝප්ප 1/4 ක්
  • 🌷 කිරිපිටි මේස හැඳි 2 ක්
  • 🌷 පාන්පිටි මේස හැඳි 2 ක්
  • 🌷 බේකින් පවුඩර් තේ හැඳි 1/4 ක්
  • 🌷 වැනිලා තේ හැඳි 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 මුලින්ම බටර් සහ සීනි හොඳින් බීට් කරන්න.
  2. 🌹 වැනිලා එකතු කර නැවත හොඳින් බීට් කරන්න, බටර් වල පැහැය වෙනස් වී ලා පැහැයට එනතුරු.
  3. 🌹 හොඳින් බීට් වූ පසු එයට පාන්පිටි ,කෝන්ෆ්ලාර් , කිරිපිටි සහ බේකින් පවුඩර් එකට හලා එකතු කර ගන්න.
  4. 🌹 දැන් හොඳින් මිශ්‍ර කරමින් එක ගුලියකට එනතුරු අනා ගන්න.
  5. 🌹 තෙත් ගතිය මදි වගේ නම් කිරි තේ හැඳි 1,2 ක් පමණ එකතු කර අනා ගන්න.
  6. 🌹 අනාගත් කුකී ඩෝ එක සමාන කොටස් වලට කඩා බෝල සාදා ගන්න.
  7. 🌹 සාදා ගත් බෝල අල්ල මත තබා අතින් ටිකක් තුනීකර ගන්න.
  8. 🌹 තෙල් තවරා ගත් පෑන් එකක අඟල් බාගයක් පමණ පරතරය තබමින් සාදා ගත් කුකී අතුරා ගන්න.
  9. 🌹 දැන් ඝනකම් තහඩුවක් ,තෝසෙ තැටියක් හෝ පැතලි පෑන් එකක් ලිප තබා විනාඩි 5 ක් පමණ මද ගින්දරේ රත් කර ගන්න.
  10. 🌹 දැන් රත් කරගත් තැටිය මත කුකී ඇතිරූ පෑන් එක තබා පියනකින් හොඳින් වසා විනාඩි 12,15 ක් පමණ මද ගින්නේ පුළුස්සා ගන්න.
  11. 🌹 අවන් එකේ බේක් කරනවා නම් 160 ° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 20 ක් 25 ක් පමණ බේක් කර ගන්න.
  12. 🌹 හොඳින් නිවුනු පසු සුලං නොවදින ලෙස අසුරා ගන්න.

ඔන්න එහෙනම් හදලා රස කියන්නකෝ 😍

හෙළයේ රස මිහිර
මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිල්ක් කුකීස් හදමු (Milk Cookies) මිල්ක් කුකීස් හදමු (Milk Cookies) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment