Mehew Rate Ranchagoda Song Lyrics - මෙහෙව් රටේ රංචාගොඩ ගීතයේ පද පෙළ

Mehew Rate Ranchagoda Song Lyrics - මෙහෙව් රටේ රංචාගොඩ ගීතයේ පද පෙළ
Song Title : Mehew Rate Ranchagoda (මෙහෙව් රටේ රංචාගොඩ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප්

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා
බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝම
අමතක වුවත් මා දූවිල්ලක් සේ
බලා යන්ට ආවා .....මගෙ නෑදෑයෝ
මගේ නෑදෑයෝ

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප් //

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප්

අනේ සුසානෝ කලියුගයේ අඟනෝ
රූප පෙට්ටි ළඟ රැයෙත් දවාලෙත් ගල් ගැහිලා (ගල් ගැහිලා)
ක්‍රිකට් සන්නියෙන් දපනෙ වැටී ඉන්නා යාමේ
උන්ගෙ පැටව් මොරදෙනවා කුසගින්නේ

බැරෑඬියි කොහාගේ ඉමිහිරි නාදේ
විස දුම් වැදිලා උගෙ සිහියත් දැන් අව සිහියෙන් (අව සිහියෙන්)
ළමා ළපටි හැඩි දැඩි යන්තර වීලා
නිදි පැදුරෙත් කිමිදෙනවා ටියුෂන් හීනේ

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප් //

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප්

අවුරුදු දවසට අරුමයි මුළුතැන්ගේ
ගජරාමෙට හැදෙනා හැටි කේක් පුඩින් (කේක් පුඩින්)
නැකතට ගිණි ළිපෙනුයි දිය නැවුම් ළිඳෙන්
ගෑස් ලිපත් පයිප්පයත් නිහඬවෙණු

දෙමට පොතු කකා කට හම ගියා නොවේ
හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත් (දෙඩවිල්ලත්)
බහුරූ කෝළං දකින්ට බෑ තව ඇස් දෙකට
මගේ දුකට නුඹ නාඩන් කිල්ලෝටේ

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප් //

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා
බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝම
අමතක වුවත් මා දූවිල්ලක් සේ
බලා යන්ට ආවා .....මගෙ නෑදෑයෝ
මගේ නෑදෑයෝ

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප් තරරප්

දීම් තනම් දින දීම් තනම් දින දීම් තනම් දින
තරරප්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mehew Rate Ranchagoda Song Lyrics - මෙහෙව් රටේ රංචාගොඩ ගීතයේ පද පෙළ Mehew Rate Ranchagoda Song Lyrics - මෙහෙව් රටේ රංචාගොඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment