Mal Mawathe Song Lyrics - මල් මාවතේ ගීතයේ පද පෙළ

Mal Mawathe Song Lyrics - මල් මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Mal Mawathe (මල් මාවතේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ //

සිත නිවූ සුව දැහැනේ
ඔබ නිසාමයි රැඳුනේ
අපගේ ම දෑසේ
වෙළුණේ ද සිහිනේ
ඔබ ද මිඳුනේ
මා ද මිඳුනේ
සසර බැඳුමෙන් අපේ

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

රෑ පුරා තුන් යාමේ
ඔය නෙතේ මා රැඳුනේ
නොකියාම රහසේ
ඔබ ඈත ඇදුනේ
පැතූ පැතුමන්
සෙවූ සැණසුම්
සුළඟෙ මං පා කළා

මල් මාවතේ
තරු සැඳෑව මිලාන වෙලා
ඔබ මා සොයා ඇයි ආවේ
පාළු මේ රාත්‍රි‍යේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Mawathe Song Lyrics - මල් මාවතේ ගීතයේ පද පෙළ Mal Mawathe Song Lyrics - මල් මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment