Mage Sitha Addara Song Lyrics - මගෙ සිත අද්දර ගීතයේ පද පෙළ

Mage Sitha Addara Song Lyrics - මගෙ සිත අද්දර ගීතයේ පද පෙළ
Song Title : Mage Sitha Addara (මගෙ සිත අද්දර)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රනිල් ජයසේන
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


මගෙ සිත අද්දර මිදුලේ
පිරිලා පෙම් පරෙවියෝ
ආදරයේ විලඳ කන්න
බලා හිඳී පරවියෝ
බලා හිඳී පරවියෝ

සිතුවානම් කවුරුන් හෝ
මගේ සිතට ඇතුළ් වෙන්න
හීන් සැරේ එන්නට වේවී
හදිස්සියක හඬ ඇහුණෝතින්
සිත තුළ පෙම් පරෙවි රෑන
අසුරු සැණින් ඉගිලී යාවී

මගෙ සිත අද්දර මිදුලේ
පිරිලා පෙම් පරෙවියෝ
ආදරයේ විලඳ කන්න
බලා හිඳී පරවියෝ
බලා හිඳී පරවියෝ

කුතුහලයෙන් පුළුවන්දෝ
සිතේ රඟට විලඳ කන්න
ඈතින් හිඳ දෙන්නට වේවී
සිත බිය සැක මඟහැරුණෝතින්
සිත තුළ පෙම් පරෙවි රෑන
ආදරයෙන් ළඟටම ඒවී

මගෙ සිත අද්දර මිදුලේ
පිරිලා පෙම් පරෙවියෝ
ආදරයේ විලඳ කන්න
බලා හිඳී පරවියෝ
බලා හිඳී පරවියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sitha Addara Song Lyrics - මගෙ සිත අද්දර ගීතයේ පද පෙළ Mage Sitha Addara Song Lyrics - මගෙ සිත අද්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment