Aragalaye Geethaya Song Lyrics - අරගලයේ ගීතය ගීතයේ පද පෙළ

Aragalaye Geethaya Song Lyrics - අරගලයේ ගීතය ගීතයේ පද පෙළ
Song Title : Aragalaye Geethaya (අරගලයේ ගීතය)
Artist : Sadara Bandara
Lyrics : Dr. Nandasiri Keembiyahetti
Melody and Music : Andrew Withana
Mixed and Mastered : Andrew Withana @ 4th Note Studios
Bass and Electric Guitar : Shashrika Sasith
Drums : Nisala Perera
Recoding Studio : Jupiter entertainment


ජනතා පැතුමන් අවතැන් වෙලා
හොරකම් මැරකම් ඇත රජ වෙලා
ඉවසා සිටියා ඇති බල බලා
ජනතා යුගයක් අරඹමු වහා

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...
වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...

සොල්දාදුවනේ අපි එක්වෙලා 
යමු දුෂිතයන් දැන් හඹ හඹා  
අලුත් රටක් ශ්‍රී ලංකා කියා
වරෙව් හදන්නට අඳුරේ නොයා 

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...
වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...

හොරා කාපු චෞර හැත්ත බෙල්ල ළඟින් අල්ල ගන්න
දියවන්නා ඔයේ ඔබා කුණු කූඩෙට දාල එන්න

සාරෙ උරා හපකර ගිය මේ මව්බිම බේර ගන්න
යෝධ බැලැති වීර පුතුනි යදම් කඩා පෙරට එන්න

ලේ තැවරුණ දෑත් වලින් කඳුළු ගෑස් ඉල්ල ගන්න
වරෙව් යමව් හොරුන් රකින මේ බංකර බිඳ හෙලන්න

එපා එපා කෑලි කඩා මේ මවුබිම විකුණ ගන්න
හිඟා කන්න නොවේ අපට ඉඩක් දියව් හුස්ම ගන්න

වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...
වරෙව් කොල්ලෝ...
වරෙව් කෙල්ලෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aragalaye Geethaya Song Lyrics - අරගලයේ ගීතය ගීතයේ පද පෙළ Aragalaye Geethaya Song Lyrics - අරගලයේ ගීතය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment