Kagasa Pawasawi Song Lyrics - කෑගසා පවසාවි ගීතයේ පද පෙළ

Kagasa Pawasawi Song Lyrics - කෑගසා පවසාවි ගීතයේ පද පෙළ
Song Title : Kagasa Pawasawi (කෑගසා පවසාවි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

දැවී ලිප ළඟ වේල සවි කර කඩපලට දී අළුයමින්
අඳුරු ලඳු මඟ ගෙවා අකුරට දිවූ මුව පැටවී
කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකළ දියණියනේ
නුඹට සිදුවූ දේ

කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ

යහළු පත් බිඳ කුරුලු නෙත් සිඳ දැමු අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී හැඬු අසරණියේ
අතු පැලේ පනනලයි සිඳුණේ දිරිය දියණියනේ
නුබට සිදුවූ දේ

කෑගසා පවසාවි
හිරුට හැකිවේනම්
සිය නෙතින් දුටු දේ
ඉකිගසා මුමණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kagasa Pawasawi Song Lyrics - කෑගසා පවසාවි ගීතයේ පද පෙළ Kagasa Pawasawi Song Lyrics - කෑගසා පවසාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment