වැවූ ඉවුරේ අවතාරය (Horror)

වැවූ ඉවුරේ අවතාරය (Horror) - Your Choice Way

මේ සිද්දිය උනේ 2015 අවුරුද්දේ දිනයක් හරියට මීටර් නෑ 🙂මම වැඩ කලේ ඉන්ගිරියෙ හදපාන්ගොඩ නිලන්ත කියල අය්ය කෙනෙක් ලග එයාගෙ මස්සිනත(ජගත්) අපි එක්ක තමයි වැඩ කළේ..දවසක් අපි ගියා නාච්චිමලේ පාරෙ එගොල්ලන්ගෙ පුන්චි කෙනෙක්ගෙ ගෙදර පාර්ටියකට එදා ඉතින් පොඩ්ඩක් ගසල එහෙම අව්ලක් නැතුව බයික් දෙකේ ගෙදර ආව.නිලන්ත අයිය තනියම ගෙදර ගියා.ජගත් පොඩ්ඩක් බෙබා හින්ද අයෙත් පොඩ්ඩක් ගහමු කිව්ව .මමත් ඉතින් හා කියල ඉන්ගිරියෙ මහින්ද අයියගෙන් බාගයක් අරන් කොහොම හරි ඒකත් ගහල අරූවත් අරූවත් ගෙදරට දාල මාත් වෙරිමරගාතෙ ගෙදර ගියා..

පහුවෙනිද උදේ නිලන්ත අයිය කෝල් කරල අහනව මගෙ පර්ස් එක නෑ බන් උබවත් අරන් තිබ්බද කියල මම කිව්ව නෑ ඕඉ තමුසෙට ඊයෙ වෙරි නැති හින්ද එච්චර බැලුවෙ නෑ කියල.ඊට පස්සෙ හා එහෙනම් වැඩට වරෙන්කො කියල පෝන් එක තිබ්බ..මාත් ඉතින් පහුවෙනිද බඩුත් පිට අමාරුවෙන් වැඩට ගියා..කොස්ගම ඉදන් 35km විතර තියෙයි ඉන්ගිරියට...යද්දිත් පර්ස් එක හම්බෙලා නෑ ජගාගෙ පෝන් එක වැඩ නෑ කියල යමු කිව්ව ඌ බලන්න..ඌ ඉන්නෙත් නාච්චිමලේ පාරෙම තමයි ටිකක් කන්දෙ ගේ තියෙන්නෙ...යද්දිත් ඌ නිදි..ඌවත් අරන් බයික් දෙකේ ගියා පාටිය තිබ්බ ගෙදරට පර්ස් එක බලන්න..පාරෙ වැටිල තිබුනෙත් නෑ ..එහෙ බැලුවට එහෙත් නෑ.පුන්චි කිව්ව එහා පැත්තෙ ගෙදර දේවලයක් තියෙයි රෑ වෙලා ඇවිත් සාත්තරයක් අහන්න කියල..අපිත් ඉතින් ඕව ගනන් ගන්නෙ නැති නිසා පර්ස් එකේ අදහස අත ඇරල ගෙදර ආව....ඇවිත් නිලන්ත අයියලගෙ අම්මට විස්තරේ කිව්ව..

එයා ඔය දේවල් තදින් විශ්වාස කරනව පොඩ්ඩ බැරි වෙද්දි දෙහි එහෙම කපනව..එයාගෙ බලේටම නිලන්ත අයිය යන්න කැමති උනා..පස්සෙ මමයි ජගයි එක බයික් එකේම ඕඩර් ගන්න ගියා... හවස හයට විතර නිලන්ත අයිය කෝල් කලා මම අම්මත් එක්ක දේවාලෙ ගියා උබල ඉන්ගිරියෙන් බෝතලයක් අරන් වරෙල්ල අවහම සල්ලි දෙන්නම් කියල කොහොම හරි දෙන්නගෙ අතේ තිබුන සල්ලි එකතු කරල බෝතලෙයි සිකරටුයි අරන් එහෙට ගියා.යනගමන් හන්දියෙ කඩෙන් නවත්තල ජගා බඩු වගේකුත් අරන් ගියෙ.යද්දිත් අරූ සාත්තරේ අහල නෑ ..කොහොම හරි අපි දෙන්නට ඉන්න පුන්චිලගෙ ගේ එහා පැත්තට වෙන්න ඉන්න සීය කෙනෙක්ගෙ ගෙයක් සෙට් කලා නිලා සාත්තරේ අහල අම්මව පුන්චිලගෙ ගෙදර දාල එන්නම් එතකන් උබල කරපන් කියල ගියා..අම්මට සිරි බයිට් ගන්න අමතක උනානෙ හුත්තො කියල ජග්ග කිව්ව දෙයියො සිහි උනා මට..සීය් කන්නෙත් පුන්චිලගෙ ගෙදරින්ලු..

අරූ ගත්ත බඩු මල්ලෙ හාල්මැස්සො තිබුන මම කිව්ව ඕකවත් කබලෙ බැදලා ගමු කියල..ඉතින් සීයගෙ පරන ලිපත් පත්තු කරල වලදකුත් හොයන් මම හාල් මැස්සො බදිනව තෙලුත් නැතුව..නිලන්තයත් ආව පර්ස් එකත් අරන්..අම්මට හුඩු අපි දෙන්න ඩිම් උනා.කොහොම හරි රෑ මූ වෙරි මතේ අකුලකට රින්ගල පම්ප් එකක් දාන්න එතනදි තමයි වැටිල තියෙන්නෙ..දේවාලෙ කරන ගෑනි ආරූඩෙන් එතනටම ගිහින් තමයි අරන් තියෙන්නෙ..

ඕක ගැන කතා වෙවී බෝතලේ ගහනව දැන් හාල්මැස්සො කකා😂😂😂..නිලන්ත අයියලගෙ අම්ම කේස් එක දානව ගෙදර යමු කියල ඊටපස්සෙ ඌ අපිට එන්න කියල ගෙදර ගියා..කොහොම හරි බෝතලේ ගහල ඉවර වෙද්දි 11.30ට විතර ඇති..සීයටත් කියල අපි එක බයික් එකේ ආව පාරත් පොඩ්ඩක් අප්සට් හින්ද හිමින් තමයි ආවෙ.එද්දිත් මට නිකන් අමුත්තක් දැනුන බයික් එක බරයි වගේ බන් කියල අරූටත් කිව්ව..කොහොම හරි ජගාලගෙ ගේ ලගටත් ආව..එතනින් නවත්තල සිකරට් එකකුත් බීල ඌත් ගියා..මාත් බයික් එක ස්ටාර්ට් කරන් මීටර් දෙසීයක් ආවෙ නෑ අඩි දහයක් විතර උස දකුනු පැත්තෙ කන්ඩියෙ ඉදන් පාරෙන් වම් පැ පැත්තට තියන ඇල දිහාට වේගෙන් චායවක් මාරු උනා..මාත් බය වෙච්ච පාර වම් පැත්තට බයික් එක හැරෙව්ව..

කෙලින්ම ඇල කණ්ඩිය දිගේ අඩි පහක් විතර රූටල ගියා බයික් එක එහෙමම තියෙද්දි පස්ස නොබල උඩට බඩ ගාල කලුවරේම අරුන්ගෙ කන්ද උඩ ගෙදරට දිව්ව ක්ශනිකව..මම යද්දි අරූ දොර වහනව ඊට පස්සෙ කතාව කිව්වහම උගෙ පව්ල තමයි කිව්වෙ ඔතන ටික දෙනෙක් බය වෙලා තියනව කියල..පල්ලෙහාට ගිහින් බලද්දි බයික් එක ස්ටාර්ට් එකේම තිබුන රෝදෙ කැරකි කැරකි...මටත් ටිකක් තුවාලයි...රෑ ම ඉස්පිරිතාලන් බේත් දාගෙන ජගාලගෙ ගෙදර නැවතුනා එදා..අම්මෝ එදානම් නින්ද ගියෙත් නෑ දැනටත් තනියම රෑ ට යද්දි මතක් වෙනව..දැන්නම් ඒක එච්චර ගානක් නෑ ..මේක ගොතපු කතාවක් නෙවෙයි..නම් ගම් ඔක්කොම ඇත්ත..හොයල බලන්න පුලුවන්...🌒🌒🌒🌒🌒

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැවූ ඉවුරේ අවතාරය (Horror) වැවූ ඉවුරේ අවතාරය (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment