Harada Oba Mathuda Song Lyrics - හැරදා ඔබ මතුදා ගීතයේ පද පෙළ

Harada Oba Mathuda Song Lyrics - හැරදා ඔබ මතුදා ගීතයේ පද පෙළ
Song Title : Harada Oba Mathuda (හැරදා ඔබ මතුදා)
ගායනය : නිරෝෂා විරාජිනී සහ අදීෂ
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : අදීෂ සහ රවිහාන්ස්


දැවටි ඉඳ පෙම් තෙපුල් කියා
නොකියා ඔබ මා දමා ගියා
ආදරේ ගිණි දැල් මවා

අහසේ හැදූ මාලිගා නිසා
බිඳදා හිත හිස්වූනා කියා මේ ලෙසේ
ඔබ නොතැවෙන් එදා

ඔබ ළඟින් උන්නුදා
මුළුලොවම මගේ වගේ ඔබ දන්නෙ නෑ
ජීවිතේ ඔබ ගේනවා

හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ //

මල් සමයේ
ළඟින් හිඳ කී කතා
උන් සමය නිබඳ මට සිහි උනා
පොද වැස්සේ කුඩයක් යටට වී
පිය මැන්නා එදා අපි තුරුළු වී

හැන්දෑකරේ මල් මාවතේ
මීදුම් මැදින් සන්සුන් ලෙසින්
ඒ වාගේ අපි ඉන්නේ අද ආයේ

හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ //

අහසේ හැදූ මාලිගා නිසා
බිඳදා හිත හිස්වූනා කියා මේ ලෙසේ
ඔබ නොතැවෙන් එදා

හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Harada Oba Mathuda Song Lyrics - හැරදා ඔබ මතුදා ගීතයේ පද පෙළ Harada Oba Mathuda Song Lyrics - හැරදා ඔබ මතුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment