Dunnu Wedana Song Lyrics - දුන්නු වේදනා ගීතයේ පද පෙළ

Dunnu Wedana Song Lyrics - දුන්නු වේදනා ගීතයේ පද පෙළ
Song Title : Dunnu Wedana (දුන්නු වේදනා)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : ඩිලාන් ගම‍ගේ
තනුව : රදීෂ් වැන්ද‍බෝනා


දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගෙ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ
පාළුව ගලන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ
මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

සඳ නේන රැ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dunnu Wedana Song Lyrics - දුන්නු වේදනා ගීතයේ පද පෙළ Dunnu Wedana Song Lyrics - දුන්නු වේදනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment