Hande Eliya Awidin Song Lyrics - හඳේ එළිය ඇවිදින් ගීතයේ පද පෙළ

Hande Eliya Awidin Song Lyrics - හඳේ එළිය ඇවිදින් ගීතයේ පද පෙළ

Hande Eliya Awidin Song Lyrics - හඳේ එළිය ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Hande Eliya Awidin (හඳේ එළිය ඇවිදින්)
ගායනය : නි‍රෝෂා විරාජිනී සහ ‍රෝහණ බැද්ද‍ගේ
පද රචනය : රත්න ශ්‍රී වි‍ජේසිංහ
තනුව : රෝහණ බැද්ද‍ගේ


චයියා හෝ ......
චයියා හෝ ..

හඳේ එළිය ඇවිදින් මට කවි කියතී
කැලේ සත්තු නාඬන්නේ ගෙදර ඇති

හෝ.. ඕ.. ඕ.. ඕ..  හෝ.. ඕ.. ඕ.. ඕ..

හිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතී
මලේ පුස්ඹ මොකටද මල ළඟක නැතී

මලේ පුස්ඹ මොකටද මල ළඟක නැතී

යක්කු ඉන්නවා මහ ගස් උඩ රැකලා
උන්ගේ බැල්ම නපුරුයි අපි පව් කරලා

හෝ.. හෝ.. ඔඔ: හෝ ඕ ඕ...

ගෑණු අපේ දුක් ගින්දර මල් පිපිලා
මක්කා කරන්නද මල් අරගෙන නුඹලා

මක්කා කරන්නද මල් අරගෙන නුඹලා

හඳේ එළිය රෑ සීපද කීවාම
හිතේ සතුට ඉහ දළු පිපිලා හේම

කැලේ රුවයි ගහ කොළ දළු ලෑවාම
අනේ මටත් නින්දක් නැතුවා තාම

හිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතී
මලේ පුස්ඹ මොකටද මල ළඟක නැතී

හෝ.. ඕ.. ඕ.. ඕ..  හෝ.. ඕ.. ඕ.. ඕ..

ගෑණු අපේ දුක් ගින්දර මල් පිපිලා
මක්කා කරන්නද මල් අරගෙන නුඹලා

මක්කා කරන්නද මල් අරගෙන නුඹලා

ඇහින් නොදැක මල් යහනක තියෙන රඟේ
මලක් වුනත් කටු පඳුරට කොහේද අගේ

වනන්තරෙත් මංගල්ලේ දවස වගේ
ඉතිං මලයි පුසුඹයි ඒ දෙකම මගේ

වනන්තරෙත් මංගල්ලේ දවස වගේ
ඉතිං මලයි පුසුඹයි ඒ දෙකම මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hande Eliya Awidin Song Lyrics - හඳේ එළිය ඇවිදින් ගීතයේ පද පෙළ Hande Eliya Awidin Song Lyrics - හඳේ එළිය ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment